මධ්‍යම කදුකරයට තදවැසි.. ඉහල කොත්මලේ වාන් දොරටු විවෘතයි..

August 7, 2020 at 2:04 am | lanka C news
මධ්‍යම කදුකරයට තදවැසි.. ඉහල කොත්මලේ වාන් දොරටු විවෘතයි..

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ  වාන් දොරටුවක් (06) දින උදැසන සිට  ස්වයංක්‍රියව විවෘත වි ඇත.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදෙශවලට වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියවම විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලලෙන් සිටින ලෙස නුවරඑලිය අපදා කලමණාකාරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඩෙවොන් සහ සෙන්ක්ලෙයාර් දිය ඇලි වලද ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

659 views
Main News