මධ්‍යම කදුකරයට තද වැසි ජලාශ රැසක් වාන් දමයි…

September 21, 2020 at 2:17 am | lanka C news
මධ්‍යම කදුකරයට තද වැසි ජලාශ රැසක් වාන් දමයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ දැඩි සුලං සමග තද වැසි පතිත  වෙයි.

පවතින අධික වර්ෂාවත් සමග ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇති අතර , අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවති.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලේඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

මේ අතර කාසල්රි ජලාශය පිටාර මට්ටමට අගල් 12 දක්වා ආසන්න වි ඇති අතර,තවදුරටත් වැසි ලැබුණහෙත් කාසල්රි ජලාශයද වාන් දැමිම සිදු වන බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැලණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,064 views
Main News