මධ්‍යම කදුකරයට තද වැසි.. ජලාශ රැසක ජල මට්ටම ඉහලට….

May 19, 2020 at 2:05 am | lanka C news
මධ්‍යම කදුකරයට තද වැසි.. ජලාශ රැසක ජල මට්ටම ඉහලට….

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ , කාසල්රි , මවුස්සාකැලේ යන ජලාශ වල ජල මට්ටම ඉහල යමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.

අධික වර්ෂාවත් සමග හමා යන දැඩි සුලං තත්ත්වය හේතුවෙන් කදුකරයේ ප්‍රදේශ රැසක විදුලි බලයද වරින් වර ඇණ හිටිණ.

පවතින අධික වර්ෂාවන් සමග සෙන් ක්ලෙයාර් ,ඩෙවොන් දිය ඇල්ල , වටවල දොතුළුඇල්ල වැනි දිය ඇලි වල ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.

මේ අතර පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයටත් , හැටන් කොලඹ ප්‍රධාන මාර්ගයටත් පස් කදු කඩා වැටිමේ අවධානමත් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

110 views
Main News