මධ්‍යම කදුකරයට තද වැසි සමග අධික සුලං… ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නයි…

August 29, 2021 at 2:07 am | lanka C news
මධ්‍යම කදුකරයට තද වැසි සමග අධික සුලං… ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට විටන් විට තද වැසි සමග තද වැසි සමග අධික සුලං තත්ත්වයක් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ගිනිගත්හේන , වටවල , නෝටන්බ්‍රිජ් , මස්කෙලිය , හැටන් ,  නොර්වුඩ් , බගවන්තලාව යන පොලිස් බල ප්‍රදේශවලට මෙසේ විටන් විට තද වැසි සමග අධික සුලං තත්ත්වය පවතින්නේ.

තද වැසි සමග ඇතැම් ස්ථානවල ඝන මිදුම් තත්ත්වයක්ද පවතිනවා.

පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ඒ අනුව විමසුරෙන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලිබලගාර ඉංජිනේරුවන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,926 views

One Comment to “මධ්‍යම කදුකරයට තද වැසි සමග අධික සුලං… ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නයි…”

  1. Subey says:

    අනේ, please වැව්වලට වතුර ටික පුරවන්නකෝ ඉදිරි කාලය නියගය ඉහලින්ම තියෙන කාලයක්නි, මහජනතාව වෙනුවෙන් ගත්තු ඡන්දයට හරියන්න ඒක වැඩිය වත් කරන්න.

Main News