මධ්‍යම කදුකරයට ප්‍රහාරාත්මක දැඩි සුලං සමග තද වැසි….

October 11, 2021 at 7:10 pm | lanka C news
මධ්‍යම කදුකරයට ප්‍රහාරාත්මක දැඩි සුලං සමග තද වැසි….

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතට මෙන්ම එලවළු සහ තේ වගාවට දැඩි බලපැම් එල්ල වි ඇත.

අධික වර්ෂාවත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ප්‍රහාරාත්මක දැඩි සුලං තත්ත්වයක්ද පවති.

අධික වර්ෂාව හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක්ද පවති.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ  

16,430 views
Main News