මධ්‍යම කදුකරයට මහ වැසි ඇද හැලේ… හැටන් ජලයෙන් යටවෙයි..

April 17, 2019 at 4:40 pm | lanka C news
මධ්‍යම කදුකරයට මහ වැසි ඇද හැලේ… හැටන් ජලයෙන් යටවෙයි..

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (17) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් පතිත වුණි.

බගවන්තලාව, නොර්වුඩ් , මස්කෙලිය සහ හැටන් යන ප්‍රදේශවලට අද පස්වරු 1 සිට පස්වරු  2.30 පමණ වන තෙක්  ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ කාලයක් ඇණ හිට තිබුණි.

ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ මවුස්සාකැලේ  ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලබා බසිනා මස්කෙලිය ඔයේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

85 views

One Comment to “මධ්‍යම කදුකරයට මහ වැසි ඇද හැලේ… හැටන් ජලයෙන් යටවෙයි..”

  1. tdr says:

    එහෙනම් ඉතින් අර රවීගේ නැව් 2

Main News