මධ්‍යම කදුකරයේ අලුයමට අධික සීතල සමග ඝන මීදුම්….

January 28, 2020 at 2:23 am | lanka C news
මධ්‍යම කදුකරයේ අලුයමට අධික සීතල සමග ඝන මීදුම්….

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල දිවා කාලයේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග අලුයම් කාලයේ අධික සිත කාලගුණයත් සමගම ඝන මිදුම් තත්ත්වයක් පවති.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි හැටන් , කොටගල, තලවකැලේ ,නානුඔය , නුවරඑලිය යන ප්‍රදේශවලට අධික සිතල කාලගුණයක් පවතින අතර ඝන මිදුම් තත්ත්වයක්ද එම ප්‍රදේශ පුරා පවති.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් , නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේත් , නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයෙත් ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහනයද නොපෙනෙන තත්ත්වය එම මිදුම් තත්ත්වය පවති.

දිවා කාලයේ පවතින වියළි කාලගුණයත් , අලුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල ස්ථාන කිහිපයකම ජල උල්පත් සිදි යාමෙන් ප්‍රදේශයේ එලවළු වගාවට මෙන්ම පානිය ජලය ලබා ගැනිමටද ගැටළු රැසක් මතු වි ඇත.

කදු මුදුණේ සිට පහලට ජලය ගලා බසින ඇළ මාර්ග හරස් කරමින් බොහෝ පිරිසක් පානිය ජලය ලබා ගන්නා අතර ,එම ඇළ මාර්ග වලටම ජල නල සවි කර ඇතැම් පිරිස් එලවළු වගාවට ඉසිම සදහා ජලය ලබා ගැනිම හේතුවෙන් පානිය ජලය ලබා ගැනිමට බොහෝ පිරිසකට අසිරු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,981 Viewers
Main News