මධ්‍යම කදුකරයේ ඝන මීදුමක්.. වාහන ධාවනය ඉතා අසීරුයි..

December 21, 2019 at 8:02 am | lanka C news
මධ්‍යම කදුකරයේ ඝන මීදුමක්.. වාහන ධාවනය ඉතා අසීරුයි..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමග ප්‍රධාන මාර්ග කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් මෙම ඝන මිදුම් තත්ත්වය පවතින බව එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවන රියදුරන් කියා සිටියි.

ඉදිරියට ධාවනය වන වාහනය නොපෙනෙන සේ මෙම ඝණ මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස ඉවසිමෙන් රිය ධාවනය කරවන ලෙස හැටන් සහ තලවකැලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

49 views

2 Comments to “මධ්‍යම කදුකරයේ ඝන මීදුමක්.. වාහන ධාවනය ඉතා අසීරුයි..”

  1. Voter says:

    දෙයියො කිපිලා චම්පිකට කරපු අසාදාරනයට

  2. susi says:

    මේ ආණ්ඩුවට සොබාදහම විරුද්ධ වෙලා තියෙන්නේ.

Main News