මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි…

April 11, 2019 at 8:02 am | lanka C news
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට  ගිගුරුම් සහිත තද වැසි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට 10 පස්වරුවේ ගිගුරුම් තද  වැසි පතිත විය.

10 පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වා බගවන්තලාව, නොර්වුඩ් ,මස්කෙලිය, නල්ලත්නිය සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය.

අධික වර්ෂාවත් සමගම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වලට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමුඔයේත්, මස්කෙලිය ඔයෙත් ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටියේය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහල බැස තිබු අතර,  ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

40 views
Main News