මධ්‍යම කදුකරයේ රක්ෂිත රැසක ගිනි තැබිම්…

January 23, 2022 at 2:16 am | lanka C news
මධ්‍යම කදුකරයේ රක්ෂිත රැසක ගිනි තැබිම්…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක සහ උඩරට දුම්රිය මාර්ගයේ කදු මුදුණේ පිහිටි ඉලුක් රක්ෂිත වලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ සිට රොසැල්ල දක්වා දුම්රිය මාර්ගය ඉහලින් වු ෆයිනස් වගා රක්ෂිතයට සහ ඉලුක් රක්ෂිතවලට මෙසේ ගිනි තබා ඇත්තේ.

උඩරට දුම්රිය මාර්ගය දිගේ ගමන් ගන්නා ඇතැම් පිරිස් විසින් විනොදශ්වාදය සදහා මෙම ගිනි තැබිම් සිදු කරන බවයි වටවල ප්‍රදේශවාසින් පවසන්නේ.

පැතිර යන ගින්නෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට කිසිදු බාධාවක් වි නොමැති අතර, පැතිර යන ගින්න පාලනය කිරිමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත් වි නොමැත.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,827 views

One Comment to “මධ්‍යම කදුකරයේ රක්ෂිත රැසක ගිනි තැබිම්…”

  1. Ratepoosa says:

    සුද්දො උන්ගෙ රටේ විදිහට කඳු මුදුන් වල ෆයිනස් වන වගා කලා. 1948න් පස්සෙත් හිටිය සහ ඉන්න මරිමෝඩ පාලකයොත් ඒකමයි කරන්නෙ, ඒ මදිවට ඉලුක් වැවෙන්නත් අරිනව. දේශීය වැසි වනාන්තර ශාක වැව්වනම් මෙහෙම ගිනිතියන්නත් බෑ, ගිනි ගන්නෙත් නෑ!

Main News