මධ්‍යම කාරක සභාවෙන් අනුර යාපා නැගිට යයි.. මැයි දිනයේදී ‘16 පිල’ හා ‘රනිල් පිල’ එක්වෙයි..

April 25, 2018 at 12:00 pm | lanka C news
මධ්‍යම කාරක සභාවෙන් අනුර යාපා නැගිට යයි.. මැයි දිනයේදී ‘16 පිල’ හා ‘රනිල් පිල’ එක්වෙයි..

ඊයේ රාත‍්‍රියේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා ඇතුළු පිරිසක් අතරමගදී නැගිට ගොස් ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පැවැතියේ ජනාධිපති නිල නිවසේදීය.

ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම ගැන තීරණය කිරීම මැයි 08 වැනිදායින් පසුයට කල් දැමීමට එහිදී තීරණය කර ඇත.

මේ අතර මැයි දිනයේදී කණ්ඩායම් දෙකම එක්ව එක් මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇතැයිද සදහන්ය.

මීට පෙර 16 කණ්ඩායම වෙනුවෙන් මන්ත‍්‍රී ටී.බී. ඒකනායක කියා සිටියේ විහාරමහදේවී පිටියේදී වෙනම මැයි රැුලියක් පවත්වන බවයි.

30 views
Main News