මධ්‍යම කාරක සභාව එකග නම් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ජනාධිපති කරවන්න සූදානම්.. ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට එන බව කියා නෑ..

April 18, 2019 at 3:50 pm | lanka C news
මධ්‍යම කාරක සභාව එකග නම් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ජනාධිපති කරවන්න සූදානම්.. ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට එන බව කියා නෑ..

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් එම තීන්දුව අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එවන් තීන්දුවකට යන්නේ නම් ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බවද මහ ලේකම්වරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ දැඩි උවමනාවක් තමන් ඇතුළු පිරිසට තිබුණද ජනාධිපතිවරයා ඊට කැමැත්ත අකමැත්ත මෙතෙක් දන්වා නැති බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පොදු සන්ධානයක් පිහිටුවිය යුතුය යන ස්ථාවරයේ සිට දෙපාර්ශවය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත් ඒ මහතා සදහන් කලේය.

ජනාධිපතිවරණය සඳහා මෙම පක්ෂ දෙකෙන්ම ඉදිරිපත් කළ යුත්තේ එක් අපේක්ෂකයෙක් පමණක් බවද පවසන ඔහු ඒ සඳහා දෙපාර්ෂවයටම විශාල කැපකිරීමක් කිරීමට සිදුවන බවද සඳහන් කරයි.

කෙසේ හෝ දෙපාර්ශවයම තනි තනිව මැතිවරණ වලට ඉදිරිපත් වූවොත් කිසිවෙකුටත් ජයග්‍රහණය කර නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

38 views

3 Comments to “මධ්‍යම කාරක සභාව එකග නම් පොහොට්ටුවේ අපේක්‍ෂකයා ජනාධිපති කරවන්න සූදානම්.. ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට එන බව කියා නෑ..”

  1. බන්ඩා says:

    පොහොට්ටුවට ශ්‍රිලනිප නැතිව තනිව දිනන්න බැරි බව සිරිසේනගේ කට්ටිය පුන පුනා කිව්වා. නමුත් තනිව ඉල්ලුවොත් සිරිසේනට ඇප නැති වෙන බවත් ඔවුන් දන්නවා. ඉතින් දෙපාර්ෂවයටම එක්වීමට අවශ්‍ය බව පැහැදිලිය. දෙපාර්ෂවයම බාගේන් කරන්නේ වෙන්ඩ සංධානයේ ආසන සංවිධායක සහ වෙනත් තනතුරැ සඳහා බව දන්නෝ දනිති. හැබැය් දෙගොල්ලන්ගෙම පොදු හතුරා වන රනිල් පරාජය කරන්න දෙගොල්ලන්ටම එක්වීම හැර වෙන විකල්පයක් නැති බව දයාසිරිලට ඇඟට දැනිල වගෙය්.

  2. Nim says:

    RILA MATHI THUMA
    PARANA UNP KARAYA
    MUN PANA PANA
    JANATHAWATA WEHILU SAPAYANNE
    MY 3 THANIYEN AWATH
    APA NAHA
    POHOTTUWA THANIYEN ELLUWATH
    DENANAWA.

  3. රාහුල කොලුවා says:

    ශ්‍රී ලංකාවේ බිහිවූ අළුත්ම පක්ෂයක් ඉතා කෙටි කලකින් ලක්ෂ 49 කට ආසන්න චන්ද ප්‍රමාණයක් කිසිදා ලබාගෙන නැත… ලලිත් ගාමිනිගේ රාඡාලියා පක්ෂය වුනත් ගත්තේ චන්ද ලක්ෂ 10 කට ආසන්න ගණනකි.. ශ්‍රීලනිපය එඡාපයට හේත්තුවීමෙන් ඇතිවූ හිඩැස පිරවීමට මෙම ඡනමතය බලපා ඇති බව පැහැදිලිය.. මෙම ඓතිහාසික වරද කලේ ශ්‍රීලනිපයයි… පාක්ෂිකයා කිසිවිටක් බලාපොරොත්තු නොවූ වරදක් වත්මන් නායකත්වය තුලින් පක්ෂයට සිදුවිය. දැන් ඉතින් බලාගෙන සිටිය යුත්තේ ශ්‍රීලනිපය තනියෙන් මැතිවරණයකට ඉදිරිපත් වී ඡනතාව ඉදිරියේ තමන් සිටින තැන නිශ්චය කර ගැනීම පමණි…

Main News