මධ්‍යම පංතික සමාජ ස්තරය දරුණු කුණාටුවකට.. මේ දවස්වල බොනකොට මතක් කරන්නේ ‘රවී’…

November 15, 2016 at 7:07 am | lanka C news
මධ්‍යම පංතික සමාජ ස්තරය දරුණු කුණාටුවකට.. මේ දවස්වල බොනකොට මතක් කරන්නේ ‘රවී’…

මෙවර අය-වැයට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ආරම්භ වනවාත් සමඟම මෙරට ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් ඇතුළු මධ්‍යම පංතික සමාජ ස්තරයන්ගේ ජීවිත දරුණු කුණාටුවකට ඇද වැටෙනු ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා අනතුරු හඟවයි.

ඊයේ දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ ආණ්ඩුව සංස්කෘතික වශයෙන් වල්මත් වූ ආණ්ඩුවක්. පොහොය දිනය වැනි සුවිශේෂ දිනයක වැදගත්කමවත් ඔවුන් දන්නේ නැහැ. එවැනි වැදගත් දිනයක FCID නැමති දඩයම් ගුහාවට අපව ගෙනවිල්ලා ප්‍රශ්න අසමින් පීඩා කරන විට ජනාධිපති මන්දිරයේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට සතුටු ඇති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම කියන විදියට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන මේ ආයතනයට මට පොහොය දිනයේ එන්න කීවාම මම හිතුවා ‘මෙතැන දාන, සීල, භාවනා වැඩසටහනත්වත් සූදානම් කරලාද?’ කියලා. නමුත් අදත් පැය ගණන් ප්‍රශ්න කළේ අප අමාත්‍යවරයකු ලෙස භාවිතා කළ වාහන ආදිය ගැන. අද සවස මට අත්‍යවශ්‍ය පොදු කටයුතු ගණනාවක් යෙදී තිබුණා. ඒ පිළිබඳව මා මේ ආයතනයේ නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුව තමයි මට පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව යාමට අනුමැතිය ලැබුණේ. යළිත් ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ ආණ්ඩුව අවසන් වන තුරු මේ ප්‍රශ්න කිරීම් අවසන් වන එකක් නැහැ.”

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් විමල් වීරවංශ මහතා,

ප්‍රශ්නය:- මෙවර අය-වැයට විශාල ජනතා විරෝධයක් තිබෙන බව පෙනෙනවා…

පිළිතුර:- මේ අය – වැයෙන් මේ රටේ මධ්‍යම පංතිය වට්ටලා දැම්මා. පසුගිය වසර 02 තුළ මේ ආණ්ඩුව ඊට පහළ සමාජ ස්තරයන් සියල්ල වැට්ටුවා. යම්තමින් බෙල්ල බේරාගෙන හිටියේ මධ්‍යම පංතිය විතරයි. මේ අය-වැයට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ආරම්භ වනවාත් සමඟ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් ඇතුළු සියලු මධ්‍යම පංතික ස්තරයන්ගේ ජීවිත දරුණු කුණාටුවකට ගොදුරු වෙනවා,

2015 ජනවාරි 08 වැනිදා මේ රටේ මධ්‍යම පංතියේ විශාල පිරිසක් හංසයාට රැවටුණා. ඔවුන් හිතුවා, ‘තිබුණු පාලනයට වඩා හොඳ පාලනයක් මේ ආණ්ඩුව ගෙනයයි’ කියලා. දැන් මේ රැවටුණු පිරිස තමන්ව රවටපු ආණ්ඩුව දිහා බලන්නේ ‘කන්න කේන්තියෙන්’. ඒ නිසා ඔවුන් ලබන වසර ඇරඹෙනවාත් සමඟ ඉතාමත් තීරණාත්මක ක්‍රියාමාර්ගවලට එළඹේවි, කියා අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- ඒ අස්සේ අවම රථවාහන දඩය රුපියල් 2500.00 කරලා තිබෙනවා. මුදල් ඇමති කියනවා ‘ඒක කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ’ කියලා…

පිළිතුර:- බොන කොට ‘කවි’ ගැන මතක් කරපු මිනිස්සු මේ දවස්වල බොනකොට මතක් කරන්නේ ‘රවී’ ගැන. වාහනයක් පදවන කෙනෙක් රථවාහන වැරැද්දක් කරන්නේ හිතාමතා නොවෙයි. ඒක කැමැත්තෙන් කරන දෙයකුත් නොවෙයි. අනතුරක් සිදු වුණාම ගහන දඩය වැඩි කළා කියන්නේ, ගන්න ‘පගාව’ වැඩි වෙනවා, කියන එකයි. මෙතැනදී වන එකම දේ තමයි ගන්න ‘පගාව’ වැඩිවන එක.

රිය අනතුරක් වෙලා රෝහලකට ගියාමත් දඩයක් ගහනවා කියනවා. මේ මෝඩ ඇමතිවරු හිතන්නේ මේ රටේ ඉන්නේ සිය කැමැත්තෙන් රිය අනතුරුකර ගන්නා ජනතාවක් කියලයි. දඩය 2500 කළේ රිය අනතුරු අඩු කරන්න කියලා කියනවා. සීනි මිල වැඩි කරන කොට කියනවා, ‘එහෙම කළේ දියවැඩියාව අඩු කරන්න’ කියලා. දැන් සීනි කිලෝව රුපියල් 2කින් අඩු කරන කොට මේ මෝඩ ඇමතිවරු සද්ද නැහැ. මේ අය, මේ කරන තක්කඩි වැඩ සාධාරණීකරණයකර ගන්න බොරු හේතු ටිකක් ඉදිරිපත් කරන එකනම් යස අගේට කරනවා.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

2 views

3 Comments to “මධ්‍යම පංතික සමාජ ස්තරය දරුණු කුණාටුවකට.. මේ දවස්වල බොනකොට මතක් කරන්නේ ‘රවී’…”

  1. උණහපුළුවා says:

    මිනිස්සු සීනි වැඩියෙන් කෑවොත් දියවැඩියාව වැඩිවෙනවා. රවියා හිතන්න ඇති වතුර වැඩියෙන් බිව්වොත් “ දිය”වැඩියාව හැදෙයි කියල වතුර බිල වැඩිකරන්න ඕනැ කියල. ඒකයි වතුර බිල වැඩිකෙරුවේ. එතකොට සීනි වැඩියෙන් කෑවත් වතුර අඩුවෙන් බොන හින්ද දියවැඩියාව හැදෙන එකක් නැහැ.. .. .. .. හික්… … ..

  2. MELCOM says:

    කරුප්පයිගේ කෙරුවාව ගැන කවර කතාද ? අර සිරිසේන- රවී මුදාගත් සීනි (කුඩු ) කන්ටේරනයට මොකද උනේ ?

  3. Champa says:

    කතාව සම්පූර්ණ ඇත්ත. මෙදා පාර අයවැයෙන් ගැහුවේ පහල මධ්‍යම, මධ්‍යම සහ ඉහල මධ්‍යම පන්තියට.

    මගේ comment එක පරක්කු වුන නිසා වැඩිය ලියන්නේ නැහැ. (I have written about this before but didn’t send. Never mind now). ඒත් විමල් අයවැය ගැන ආපහු ඉස්සරහට කතා කරන නිසා, අයවැයට විරුද්ධව මහජන පෙළ ගැසීමක් ඇතිවෙයි කියල හිතනවා. ජනවාරි වල විතර කියල ඔබ කිව්වේ ඒකද ?

    වෙන තැනකත් කිව්වා වගේ රටේ ප්‍රබල ආණ්ඩු විරෝධයක් තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය ඒක නියම විදියට exploit කරන්නේ නැහැ. කරන්න තියෙන්නේ ඔබ නුගේගොඩ කළා වගේ, පාද යාත්‍රා කළා වගේ, ජාති භේද පාට පක්ෂ භේද නැතුව මහජනතාවට එකට එක්වෙලා දේශද්‍රෝහී ආණ්ඩුවට විරෝධතාවය පෙන්නන්න තනි platform එකක් හදලා දෙන එක. ඒ දෙකටම මධ්‍යම පංතිය සහ හංසයාට ඡන්දේ දුන්නු ජනතාව විශාල වශයෙන් සහභාගී වුනා. නමුත් මහ බැංකු මංකොල්ලයට විරුද්ධව එහෙම විරෝධයක් කලේ නැහැ. රනිල්ගේ රට විකුනන ප්‍රතිපත්ති වලට විරුද්ධව මේ දක්වා අවුරුදු දෙකටම එහෙම එකක් කලේ නැහැ. අපි ඇත්තටම යන්නේ කොයි පාරෙද විමල්? අපි දෙන්න එක පාරක යනවත්, අනිත් හැමෝම තවම පාර හොයා ගන්න බැරුව වල්මත් වෙලා ඉන්නවත් වගේ මට පේන එකේ කිසි වැරැද්දක් තියෙනවද කියලා මට කියන්න.

    ඔබත් (?) අනිත් අයත් හිතනවා ඇති මට තියෙන්නේ පුදුම හදිස්සියක් කියලා. යකඩ වල හැඩේ ගන්න පුළුවන් රත් වෙලා තියෙන කොට මිසක් නිවුනහම නෙමෙයි කියල ඒගොල්ලන්ට ඔබවත් කියලා දෙන්න විමල්.

Main News