වේයන්ගොඩ 104ක්, මධ්‍යම පලාතේ 17ක් නිරෝධායනයට.. කිහිප දෙනෙකුට රෝගී ලක්‍ෂණ..

October 7, 2020 at 3:28 am | lanka C news
වේයන්ගොඩ 104ක්, මධ්‍යම පලාතේ 17ක් නිරෝධායනයට.. කිහිප දෙනෙකුට රෝගී ලක්‍ෂණ..

වේයන්ගොඩ ප්‍රදේශයේ 104 දෙනෙකු ස්වයන් නිරෝධායනයට ලක් කර තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

මෙසේ නිරෝධ කර ඇත්තේ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයන් පිරිසකි.

මේ අතර මධ්‍යම පළාතේ පුද්ගලයන් 17 දෙනෙකු නිරෝධයට ලක් කර කර තිබේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ අටදෙනකු, මාතලේ අටදෙනෙකු හා නුවරඑළියෙ එක් අයෙකු මෙසේ ස්වයංනිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි.

ඉන් කිහිපදෙනෙකු උණ රෝගී ලක්ෂණ වලින් පෙළෙන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

දිවුලපිටිය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

67,056 views

3 Comments to “වේයන්ගොඩ 104ක්, මධ්‍යම පලාතේ 17ක් නිරෝධායනයට.. කිහිප දෙනෙකුට රෝගී ලක්‍ෂණ..”

  1. Plato says:

    ඉතිහාසයේ දරැණුුුම අර්බුදයට මුහුණාපා සිටින ඇම‌ෙරිකාව,එංගලන්තය ඇතුළු අධිරාජ්‍යවාදීන් අර්බුදයට පිලියමක් ල‌ෙස කොරෝනා යොදාග‌ෙන ඇත.ඔවුන් තම ග්‍රහණයේ පවතින රටවල අතකොළු පාලන තන්ත්‍රවල අර්බූදය සඳහාද කොරෝනාම නිර්දේශ කර ඇත.අර්බුදයට පිලියම ල‌ෙස අර්බුදයක් ඇති කිරීම හැර ව‌ෙන ද‌ෙයක් නැති තැනට වැටී ඔවුන්ගේ අවසන් හෝරා එලඹ ඇත.

  2. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    ජනතාව එකතුවෙන කඨින පිංකම් කාලය නිසා පන්සල්වල පැවැත්වෙන බෝධිපූජා, ධර්ම දේශනා වගේම මුස්ලිම් සහ ක්‍රිස්තියානි / කතෝලික පල්ලිවල පැවැත්වෙන පූජාවන්ද ගම්පහ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව නැවැත්විය යුතුයි. ඒ වගේම අසල්වැසි පදිංචිකරුවන්ට හිරිහැර වෙන පරිදි “මහා ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් දමා සිද්ධ කරන” ආගමික ශබ්ද දූෂණයත් නැවැත්විය යුතුයි.
    ඇඳිරිනීතිය වෙලාවේ කවුරුත් ඉන්නේ අපහසුවෙන්. කරුණාකර ඔවුන්ට හිරිහැර වෙන විධිහට ලවුඩ්ස්පීකර් දමන්න එපා. එයින් වෙන්නේ සෙතක් ශාන්තියක් නොවේ .. හිරිහැරයක් , කරදරයක් !!!

  3. Hudson says:

    Now the luck has run out, all thought incapable leaders have done something wonderful to keep numbers low. but it was a matter of time. face the reality what most of the countries face. but many tropical islands don’t have this issue except here.

Main News