මධ්‍යම පළාත් සභාවේ බලය ඇල්ලීමට එජාපය සූදානම්..

May 14, 2017 at 6:48 pm | lanka C news
මධ්‍යම පළාත් සභාවේ බලය ඇල්ලීමට එජාපය සූදානම්..

පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හදිසියේ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සහ තවත් පළාත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ පළාත් සභාව තුල ස්වාධීන වීමට ගත් තීරණයත් සමඟ මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ වැඩි අවස්ථාවක් මතුව තිබේ.

මධ්‍යම පළාත් සභාව තුල සමස්ථ මන්ත‍්‍රී කණ්ඩායම 58ක් වේ. 2015 ජනවාරි 08 වනදායින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ මන්ත‍්‍රී ධූර 40න් ද්‍රවිඩ මන්ත‍්‍රීවරු 6 දෙනෙකු සහ ආර්.ජී.සමරනායක මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම 33 දක්වා පහත වැටී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම 25 දක්වා ඉහල ගොස් තිබුණි.

තත්වය එසේ තිබියදී පළාත් හිටපු අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් නව දෙනෙකු පළාත් සභාව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත. එම නිසා මධ්‍යම පළාත් සභාව තුල එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය මන්ත‍්‍රී ධූර 24 දක්වා පහත වැටීමෙන් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම පළාත් සභාව තුල සුළුතරය වීමේ අවධානමකට මුහණ දී තිබේ.

අවුරුදු 2ක් පමණ තම කණ්ඩායම වත්මන් ප‍්‍රධාන අමාත්‍යවරයාට සහාය ලබා දුන්නද මේ වන විට එතුමා තම තනි මතයට කටයුතු කිරීම පිළිබඳ තවදුරටත් තම පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡුාකොට ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා බව මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කරයි.

– පුෂ්පකුමාර

49 views
Main News