මධ්‍යම පාසල් 126 ක් මත්රකුසාට ගොදුරු වෙලා…

December 28, 2019 at 2:05 am | lanka C news
මධ්‍යම පාසල් 126 ක් මත්රකුසාට ගොදුරු වෙලා…

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්.යු.ගමගේ මහතා (27) පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයට රැස් කර තිබුණි.

පළාත් ප්‍රධාන ලේකම් , මහනුවර මාතලේ දිස්ත්‍රීක් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්. ශ්‍රී ලංකා පොලීසියේ ඉහල නිලධාරීන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා.

මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ජාතික මට්ටමේ සැලසුම් පැවතියත් වර්තමානයේ පවතින දත්තයන් සලකා බැලු විට ‍එම සැලසුම් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා. විශේෂයෙන් මධ්‍යම පළාතේ පාසල් 126ක් මත් උවදුරට ගොදුරු වීම වැනි සිද්ධීන් මෙසේ සිදුවීමට අපට ඉඩදෙන්නට බැහැ.

මේ සම්බන්ධයෙන් කඩිනමෙන් අප ක්‍රියාත්මක විය යුතු බවයි මාගේ මතය. ඒ අනුව එක් මාසයක කාලයක් තුල ඒකාබද්ධ සැලසුමක් නිර්මාණය කරමු. මත්උවදුරෙන් අප දරුවන් මුදවාගැනීමට අප කටයුතු කල යුතුයි. ඒ සදහා අවශ්‍ය පූර්ණ සහයෝගය මා ලබාදෙනවා.

අපේ පළාතේ , අප රටේ මතු පරම්පරාව රැකගැනීම අපගේ වගකීමක් වනවා. ඒ නිසා ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් විධිමත් කඩිනම් මෙන්ම ප්‍රායෝගික වැඩපිලිවෙලක් ඔස්සේ මත්ද්‍රව්‍ය අප පළාතෙන් තුරන් කිරීමට කටයුතු කල යුතුයි.

– රුක්මල් දුෂාන්ත

3,308 Viewers
Main News