මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්

September 2, 2019 at 10:36 pm | lanka C news
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ගත්තේ රුපියල බාල්දු වෙන නිසා..- සජිත්

තමන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුදල් ගසා කෑ බවට චෝදනා එල්ල වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් එම අරමුදල් ලබාගෙන රටපුරා වෙහෙර විහාරස්ථාන ගොඩනැගීමට කටයුතු කරන ලද බව ඔහු සඳහන් කළේ ය.

එසේ නොකළේ නම් එම මුදල ස්ථිර තැන්පතුවේ තිබියදී රුපියල බාල්දු වීම සමග බාල්දු වී යන බවද ඔහු සදහන් කලේය.

නැති වූ බව කියන සෑම මුදලක්ම මෙරට පන්සල් පද්ධතිය තුල ඇතැයිද ඇමතිවරයා එහිදී පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්පාර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ඇමතිවරයා යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් කෝටි 120 ක මුදලක් අතුරුදහන් වී ඇතැයි මෑතකදී චෝදනා එල්ල විය.

මධ්‍යම සංස්කෘතික අරමුදලින් කෝටි 120 ගත්තේ රුපියල අවපාතවන නිසාළු☺️☺️

Gepostet von Sri AV TV Network am Sonntag, 1. September 2019

381 views
Main News