මධ්‍යම සන්ධාන බලය අස්ථාවරයි.. විපක්ෂ නායකට අති නවීන බෙන්ස් රියක් පහල වේ..
May 18, 2017 at 10:40 am | lanka C news
සන්ධාන බලය පවත්වාගෙන යාම අසීරු තත්වයකට පත්ව ඇති මධ්‍යම පළාත් සභිවේ විපක්ෂ නායකවරයාට හදිසියේම අති නවීන බෙන්ස් වාසනාවක් පහල වී ඇතැයි ඒකාබද්ද විපක්ෂයට හිතවාදී මන්ත්‍රිවරුන් කියති.
සන්ධාන බලය පවත්වාගෙන යාම සදහා හදිසි අවස්තාවක එජාප සහයෝගය ලබා ගැනීමත් විපක්ෂ නායකවරයාගේ කට වැසීමත් මින් අරමුණු කර ඇතැයිද ඔවුන් කියති.
කෙසේ වෙතත් පළාත් විපක්ෂ නායක චානක අයිලපෙරුම පවසන්නේ තම වාහනය කැඩුනු නිසා එම රථය ලබා දුන්නද දැන් එය නැවතත් ආපසු සභාවට බර දුන් බවයි.