මධ්‍ය කදුකරයට තද වැසි, දැඩි සුලං, ඝන මිදුම්.. වාහන ධාවනයට බාධා..

August 3, 2020 at 2:06 am | lanka C news
මධ්‍ය කදුකරයට තද වැසි, දැඩි සුලං, ඝන මිදුම්.. වාහන ධාවනයට බාධා..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (01) දින රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි සමග දැඩි සුලං තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

දැඩි සුලං සහ වැසි තත්ත්වය සමග (02) දින අලුයම සිට මධ්‍යම කදුකරය පුරා ඝණ මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ඒ 9 ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සහ අතුරු මාර්ග  වල මෙම ඝන මිදුම් තත්ත්වය පවති.

සති අන්ත දිර්ඝ නිවාඩුව සමග දේශිය සංචාරකයන් විශාල පිරිසක් ඒ 9 මාර්ගය ඔස්සේ නුවරඑලියට පැමිණෙමින් සිටින නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

92 views
Main News