මධුෂ්ගේ ගෝලයාගේ නිවස පොලීසිය වටලයි.. උණ්ඩ තොගයක්, හමුදා ඇදුම් තොගයක් සොයාගනී..

February 8, 2019 at 10:49 pm | lanka C news
මධුෂ්ගේ ගෝලයාගේ නිවස පොලීසිය වටලයි.. උණ්ඩ තොගයක්, හමුදා ඇදුම් තොගයක් සොයාගනී..

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ‘ජංගා’ නොහොත් අනුෂ්ක කවිශාද් නම් පුද්ගලයාගේ නිවසේ තිබී සජීව උණ්ඩ, හමුදා සමාන ඇදුම් තොගයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

දික්වැල්ල ප‍්‍රදේශයේ පිහිටි මෙම නිවස වටලා යුද හමුදා ඇඳුම් කට්ටල 09ක්, හමුදා හිස් වැසුම් 03ක්, සජීව ටී-56 උණ්ඩ 32ක්, පතුරම් කොපු 38 ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත.

මාතර ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදු කරන ලද විශේෂ මෙහෙයුමක් මගින් මෙම තොගය සොයාගෙන ඇති අතර ඒ සමගම එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

230 views
Main News