මධුෂ්ගේ ඝාතනය ප්‍රශ්ණයක්.. ඔහු සමග නොගියේ ඇයි..- DIG ප්‍රියන්ත ජයකොඩි අසයි.. මධුෂ්ගේ අපරාධ ලිපිගොනුව මුල් වරට පෙන්වයි..
October 27, 2020 at 9:20 am | lanka C news
සංවිධානාත්මක අපරාධ කරු මාකඳුරේ මධූෂ් නිරුපද්‍රිතව ආරක්ෂා කර ගැනීමට බැරිවීම තමන්ටද ප්‍රශ්නයක් බව අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
මධුෂ් එක්ව ගොස් සිදුකළ අන්තිම වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ නොකර ගැනීම තමන්ට ප්‍රශ්ණයක් ඇතැයි ඔහු සදහන් කරයි.
මාකඳුරේ මධුෂ් ආරක්ෂා කරගත යුතුව තිබූ බවත්, සියලු තොරතුරු ලබාගත යුතුව තිබුණේ මධුෂ් හරහා බවත් පවසන එම මරණය සමග ගැටලුවක් සිදුව ඇති බව තමන් පිළිගන්නා බවද ජයකොඩි මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.