මධුෂ්ගේ ප‍්‍රබල ගෝලයන් පිරිසක් ඊශ‍්‍රායලයේදී අත්අඩංගුවට ගනී.. ශ‍්‍රී ලංකාවට පිටුවහල් කෙරේ..

February 22, 2019 at 10:00 am | lanka C news
මධුෂ්ගේ ප‍්‍රබල ගෝලයන් පිරිසක් ඊශ‍්‍රායලයේදී අත්අඩංගුවට ගනී.. ශ‍්‍රී ලංකාවට පිටුවහල් කෙරේ..

ඩුබායි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ තවත් ගෝල පාතාලයන් 13 දෙනකු ඊශ‍්‍රායලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සංචාරක ලෙසින් මෙම පිරිස ඇතුළු ලාංකිකයන් 60 දෙනකු ඊශ‍්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඊශ‍්‍රායලට පැන යාමට උත්සාහ කර ඇත්තේ මධුෂ්ගේ ගෝලයන් සොයමින් ශ‍්‍රී ලංකා පොලිසිය රට පුරා සෝදිසි කිරීම් සිදු කරන නිසාය.

ඊශ‍්‍රායල පලධාරීන් සදහන් කරන්නේ මෙම පිරිස සංචාරකයන් නොවන බවත් ඔවුන් එරටට ගෙන්වීමට දේවගැතිවරයකු ඇප වී ඇති බවත්ය.

දැනමත් ඊශ‍්‍රායලය විසින් මේ පිලිබදව මෙැට ආරක්‍ෂක අංශ දැනුවත් කර ඇති අතර එම පිරිස මෙරටට පිටුවහල් කරන බවද දන්වා ඇත.

54 views

One Comment to “මධුෂ්ගේ ප‍්‍රබල ගෝලයන් පිරිසක් ඊශ‍්‍රායලයේදී අත්අඩංගුවට ගනී.. ශ‍්‍රී ලංකාවට පිටුවහල් කෙරේ..”

  1. pramuka wije says:

    Hipip Hureee
    Hipip Huree

Main News