මධුෂ්ට කෝටි 1000ක මුදල් හා දේපළ.. හිතවතුන්ගේ නම්වලට.. සනුහරේම අත්අඩංගුවට..
April 13, 2019 at 11:20 am | lanka C news
මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් සහ දේපළත් තිබෙන බව ඔහුගේ සමීපතම ගෝලයා වූ අත්අඩංගුවට පත් කැලූම් ඉන්දික සම්පත් යන අය පොලිසියට තොරතුරු අනාවරණය කළ බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ප්‍රකාශ කළේය.
මෙම විශාල මුදල් ප්‍රමාණය සහ දේපළ මාකඳුරේ මධුෂ්ගේ සමීප හිතවතුන්ගේ නම්වලින් පවතින බවද පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
මේ අනුව ඉදිරියේදී මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට එවූ පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ හිතවතුන් පිරිසද අත්අඩංගුවට ගන්නා බව ලින්ටන් සිල්වා මහතා සඳහන් කළේය.
මාකඳුරේ මධුෂ්ගේ ගෝලයා වූ කැලූම් ඉන්දික සම්පත් ළගින් ඇසුරු කළ සහකාර පුස්තකාලාධිපතිවරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් පරිදි කොල්ල කෑ රුපියල් කෝටි 700 ක් පමණ වටිනා දියමන්තිය පොලිස් කණ්ඩායම්වලට සොයා ගැනීමට හැකි වූයේ කැලූම් ඉන්දික සම්පත්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුවය.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පෑලියගොඩ පොලිස් කණ්ඩායමක් මෙම දියමන්ති කොල්ලයේ සුලමුල මුලින්ම අනාවරණය කර ගත්තේය.
– divaina
දියමන්තිය බොරු ගලක් කිව්ව නේද. ඒ කෝටි 700 අඩු කළාම කෝටි 300 නෙ ඌට තියෙන්නෙ. බලං ගියාම ඌ මොන පෝසතෙක්ද. ලයිට් නැවක් ගෙන්නුවත් ඒ ගාන හොයා ගත්තහැකි.
මධුෂ් අයියා ඩුබායි ගිහිල්ලා මොන කජ්ජක්ද හම්බ කලේ
මගෙ තාත්තා මෙහෙ ඉඳල පෙති විකුනා වඩා හම්බ කලේ
නැව් අරගෙන මුහුදෙන් බාගයක් සනුහරේටම උරුම කලේ
හතලිස් වසක කොමිස් මුදල් තාත්තා ප්‍රකෝටි ඩුබායි කලේ
කවුරුත් හිතල බැලුවද කුඩු එතනෝල් කාරයෝ මෙච්චර පාර්ලිමේන්තුවට යන්නේ ඇයි කියලා???
චන්ද කරන්න පෝස්ටර් ගහන්න සල්ලි අවශ්‍යයි.
සාධාරණ මිනිහෙක්ට චන්දෙ කරන්න සල්ලි නෑ.
ජරා මිනිස්සුන්ට චන්දෙ කරන්න කුඩු මුදලාලිලා සල්ලි දෙනවා.
ඔන්න ඕකයි තත්වේ.