මධුෂ්ට ඩුබායිහි නිවාස 06ක්.. කෝටි 50ක පොකට් මනි අල්ලයි..

February 7, 2019 at 10:40 am | lanka C news
මධුෂ්ට ඩුබායිහි නිවාස 06ක්.. කෝටි 50ක පොකට් මනි අල්ලයි..

කුප්‍රකට පාතාල නායකයකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යයේ තරු හයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිපස් දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු, බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයකු සිටින බව මෙරට ආරක්ෂක අංශ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඩුබායි රාජ්‍යයෙන් ලද තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව එම ආරංචි මාර්ග කියා සිටී.

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඩුබායි පොලිසිය විසින් ඔහු නවාතැන් ගෙන සිටි නිවෙස ඊයේ (06දා) දින පරීක්ෂා කර ඇති බවත් එහිදී එම නිවෙසේ සඟවා තිබූ රුපියල් කෝටි පනහකට අධික මුදලක් සොයා ගැනීමට හැකියාවක් ලැබී ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරනුයේ මාකඳුරේ මධුෂ්ට එරට නිවාස හතරක් ඇති බවය.

තවද මෙම සිද්ධියෙන් අනතුරුව ඩුබායි ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයන් 100කට අධික පිරිසක් විවිධ වැරැදි සම්බන්ධයෙන් ඊයේ (06දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද නිල නොලත් ආරංචි මාර්ගයන් කියා සිටී.

එලෙස අත්අඩංගුවට ගත් 100කට අධික දෙනා සහ මධුෂ් කල්ලිය අතර ඇති සබඳතා පිළිබඳව මෙතෙක් නිල තොරතුරු මෙරටට ලැබී නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

තරු හයේ හෝටලයේ පැවැති මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි කසාදයේ දරුවාගේ උපන් දින සාදය පැවැති අතරතුර අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු 25 දෙනාගේ රුධිර සාම්පල් ලබා ගැනීම ඊයේ (6දා) දින සිදු කර ඇති බවද වාර්තා වේ.

මාකඳුරේ මධුෂ්ගේ පළමු කසාදයේ බිරිය මේ වන විට ජීවත් වන්නේ මාතර මාකඳුර නම් ගමෙහිය.

එහෙත් මධුෂ් පසුව වර්ෂ 2012දී වැලිකඩ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ මහරගම කළු තුෂාරගේ බිරියඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේ ඇය ඔහුගේ දෙවැනි කසාදයේ බිරිය බවට පත් කර ගනිමිනි.

ඩුබායි රාජ්‍යයේ ජීවත් වන දරුවා මධුෂ්ගේ වන අතර එම දරුවාගේ හය වැනි උපන් දිනය සැමරීමටමධුෂ් මෙම සාදයට සිය සගයන් කැඳවා සිටියදී ඩුබායි ආරක්ෂක අංශ මෙම වැටලීම සිදු කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවකු වන රයන් වැන්රොයන් යන තිදෙනාද අත්අඩංගුවට පත්ව සිටිති.

ඔවුන්ද මත්ද්‍රව්‍ය පානය කර ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදු කර ඇති බව වාර්තා වේ.

විස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සේම විස මත්ද්‍රව්‍ය පානය කර සිටීම එරට නීතිය අනුව දැඩි දඬුවම් ලබාදෙන වරදක් බවටද මෙරට නීති විශාරදයන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම සාදයට ගෙනැවිත් තිබූ හෙරොයින් තොගවලට අමතරව කොකේන් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක්ද සොයාගෙන තිබිණි.

දරුණු ගණයේ පාතාල නායකයකු වන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (06දා) එරට පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක්ද වාර්තා පළකර තිබිණි.

අත්අඩංගුවට ගෙන සිටින පතාල නායක මාකඳුරේ මධුෂ්, කංචිපාන ඉම්රාන් කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ චුට්ටේට අමතරව පුල්ල පලම් අජ්මි, ජලිබර් සියාම්,අලුත්කඩේ ඉෂ්ලි, අමිල ඇන්ටා, මාලිගාවත්තේ ෆයිසර්, සීදුවේ දිමුතු, තලල්ලේ සංජේ යන පාතාල සාමාජිකයන්ද සිටින බව මෙරට ආරක්‍ෂක අංශ පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය මත ක්‍රියාත්මක වූ කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයකට අනුව මෙරටින් ඩුබායි රහස් පොලිසිය වෙත ලබාදුන් බුද්ධි තොරතුරු මත එරට ආරක්‍ෂක අංශ විසින් මෙම වැටලීම් ඉකුත් (04දා) දා රාත්‍රියේ සිදු කරනු ලැබීය.
මෙම හෝටල් සාදය වැටලීමට විනාඩි කිහිපයකට ඉහතදී අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයා සිගරැට්ටුවක් පානය කිරීම සඳහා හෝටල් සංකීර්ණයෙන් පිටතට ගොස් ඇතැයිද වාර්තා වේ. 2017 වසරේ පෙබරවාරි සිදුවූ කළුතර එතනමඬල ප්‍රදේශයේ පාතල නායක සමයං ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ නායකයා ලෙසද ක්‍රියාකළේ අංගොඩ ලොක්කාය.

එම වෙඩි තැබීමෙන් සමයං සහ ඔහුගේ ගෝලයන් සිවුදෙනකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ඝාතනය විය.

මෙම ඝාතනයද මධුෂ් විසින් උපදෙස් ලබාදී සිදු කළ ඒවා වන අතර පසුව මධුෂ්, අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයකු වන අතුරුගිරියේ ලැඩියා යන දෙදෙනා බෝට්ටු මඟින් ඉන්දියාවට පිටමං කළේය.

අනතුරුව ඔවුන් දෙදෙනා ඩුබායි මධුෂ් සමීයට පැමිණීමට ව්‍යාජ ගුවන් බලපත්‍ර ඉදිරිපත් කර සිටියදී ඉන්දියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අංගොඩ ලොක්ක සහ ලැඩියා ඉන් අනතුරුව එයින්ද පලාගොස් තිබිණි.

කෙසේ වෙතත් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන ඒම සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කිරීමට විදෙස් කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශ බලධාරීන් ඊයේ (06දා) සාකච්ඡා පවත්වා තිබේ.

ඕනෑම මොහොතක ඩුබායි රාජ්‍යයට යෑම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානමින් සිටින බව ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ගයන් වැඩිදුරටත් පවසයි.

– mawbima

195 views

8 Comments to “මධුෂ්ට ඩුබායිහි නිවාස 06ක්.. කෝටි 50ක පොකට් මනි අල්ලයි..”

  1. point blank says:

    sure ekata angoda lokkata meheyume kattiyakma tip eka deela wage.

  2. Marusira says:

    පැත්තකට වෙලා හිටපං ඒමනුස්සයට ඒක එපාකරවන්නේ නැතුව

  3. Pera says:

    නිසැක ලෙසම අංගොඩ ලොක්කා තමයි මේ සෙල්ලමේ ඔත්තුව අන් මාර්ගයකින් පොලීසියට දෙන්න ඇත්තේ. දැන් මේ අංගොඩ ලොක්ක කියන එකා අරුන් ඇතුලේ ඉන්නකොට ලස්සනට රජා වගේ එළියේ ඉදීවි. මූ මේක හොදටම ප්ලෑන් කරලා ගහපු ගේමක් වෙන්න ඕන. නැත්නං ඔක්කොම එවුන් ඉන්න තැන මූට සිගරට් එකක් ගහන්න එලියටම යන්න ඕන වෙනවද. අන්තිමේ අර කාලකන්නි මධුෂ් කියන බුරුව අංගොඩ ලොක්කගේ ගැටේට මාට්ටු උනා. නියම වැඩේ.

  4. mangalayaawa Unp karayanwa oya meyun walata gaawa gannna natuwa korannna puluwan nam hodae.

  5. RAW Agent says:

    බලන්න සංහිඳියාවක අපූරුව.
    ජාති ආගම් බේද නෑ.
    “මලේ” බඹරු

    අත්අඩංගුවට ගෙන සිටින පතාල නායක මාකඳුරේ මධුෂ්, කංචිපාන ඉම්රාන් කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ චුට්ටේට අමතරව පුල්ල පලම් අජ්මි, ජලිබර් සියාම්,අලුත්කඩේ ඉෂ්ලි, අමිල ඇන්ටා, මාලිගාවත්තේ ෆයිසර්, සීදුවේ දිමුතු, තලල්ලේ සංජේ යන පාතාල සාමාජිකයන්ද සිටින බව මෙරට ආරක්‍ෂක අංශ පවසයි.

  6. Nimal says:

    why not publish DPL , police and jailer names and images like Ammal .

Main News