මධුෂ් ඇතුළු 31ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ..

February 10, 2019 at 8:40 am | lanka C news
මධුෂ් ඇතුළු 31ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ..

ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 31 දෙනෙකුගේ රුධිරයේ මත්ද‍්‍රව්‍ය ඇති බවට පරික්‍ෂණවලින් හෙලිව ඇත.

එක්සත් අරාබි එමිරේට්හිදී මත්ද‍්‍රව්‍ය වෙලදාම ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හෝ මරණ දඬුවම නියම කල හැකි වරදක් වන අතර එරටදී තහනම් මත්ද‍්‍රව්‍ය භාවිතය වසර 03 සිට 10 දක්වා සිර දඬුවම් නියම කල හැකි වරදකි.

95 views
Main News