මධුෂ් ඉදිරි සතියේ ලංකාවට.. අධිකරණයේ අධි චෝදනා ගොනු කරයි..
April 15, 2019 at 3:00 pm | lanka C news
පාතාල නායක මාකදුරේ මධුෂ්ට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මධුෂ් ඩුබායි සිට මෙරටට පිටුවහල් කල පසු මෙසේ නඩු පැවරීමට අදහස් කරන බව එහි උසස් නිලධාරියෙකු කියා සිටියේය.
මධුෂ්ට විරුද්දව දැනට ඇති සාක්ෂි පදනම් කර ගනිමින් මෙසේ නඩු පවරන බවද ඔහු පැවසීය.
මේ අතර එන සතිය වන විට මධුෂ් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙකු කියා සිටියේය.