මධුෂ්ට ජීවිතාන්තය තෙක් ඩුබායිහි සිර දඬුවම්..?

February 20, 2019 at 9:20 am | lanka C news
මධුෂ්ට ජීවිතාන්තය තෙක් ඩුබායිහි සිර දඬුවම්..?

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ට එරට නීතිය අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබෙනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙකු පැවසීය.

මධුෂ් මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව තවත් චෝදනා ගණනාවකට වරදකරු වී සිටින බවත් 28නිදා හෝ ඊට පෙර තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ මධුෂ්ට ඇති චෝදනා හා ඔහු වෙනුවෙන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් තොරතුරු විමසූ බවද ඔහු පැවසීය.

වේ මේ අතර අත් අඩංගුවේ පසුවන අමල් පෙරේරා හා නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය පාවිච්චි කලේදැයි කරන ලද පරීක්‍ෂණ අනුව ඔවුනටද ඩුබායි නීතිය ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඔහු සදහන් කලේය.

58,670 Viewers

5 Comments to “මධුෂ්ට ජීවිතාන්තය තෙක් ඩුබායිහි සිර දඬුවම්..?”

  1. rambandara says:

    mun ekekwath aapasu ewanna epa. thawath inna ewun yawamu. ape kalakanni anduwa ASAMATH

  2. Sadda says:

    බහුදින යත්‍රා මාලු අල්ලනවද මොනා කරනවද කියලත් සොයන්න ඕනෑ.

  3. Love nature says:

    මරණීය දණ්ඩනය නුසුදුසු නම් රටක අපරාධ අඩු කිරීම සිදු කළ හැක්කේ කෙසේ ද? මරණීය දණ්ඩනය නිසා පුද්ගලයෝ අපරාධ සිදු කිරීමට බිය නොවෙත් ද? මෙය මිත්‍යා මතයක් බව පෙනී යන්නේ, මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල පවා අපරාධ සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා ය. අනෙක් අතට කෙතරම් දරුණු දඬුවම් ක්‍රියාත්මක වුව ද අපරාධ සිදු කරන බොහෝ පුද්ගලයින් සිතන්නේ තමන් එය කළ බව හෙළි නොවනු ඇති බව යි. තවත් අයෙක් ක්ෂණිකව ඇති වන රාග හෝ ද්වේශ හෝ සිතුවිලි නිසා අපරාධ සිදු කරති. රටකට නීති පද්ධතියක් අනවශ්‍ය බව අපි මින් අදහස් නොකරමු. නුවණැත්තන් අකුසලයට බිය වුව ද නුවණ නැත්තන් තුළ වරදට බිය ඇති කිරීම සඳහා සිර දඬුවම් වැනි දෑ අවශ්‍ය ය. අප යෝජනා කරන්නේ අපරාධයන්ට සම්බන්ධ වී සිර ගතවන පුද්ගලයින් තුළ කුසල් සිතුවිලි වර්ධනය කර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතු බව යි.

    අප දකින ආකාරයට රටේ දක්නට ඇති අපරාධ රැල්ලට හේතුව වී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාව ය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙළඳපොල ආර්ථික ක්‍රමය ය. අනෙක් පසින් රාගය, ද්වේශය වර්ධනය කරවන මාධ්‍යයන් ය. මෙකී විෂම සමාජය අප පිටු දැකිය යුතු ය. වහා සිදු කළ යුත්තේ මිනිස් සිත් තුළ අකුසල් සිතුවිලි ජනිත නොවන, කුසල් සිතුවිලි ජනිත වන බෞද්ධ සමාජයක් යළි බිහි කර ගැනීම යි.

    • Kusal says:

      SAUDIYA

    • matalan says:

      i totally agree with you. In Malaysia daily capital punishment is implemented and accordingly conceited prisoners are hanged. A Malaysian judge told me daily crime rate is going up. Crime is the result. No point of eliminating the result. Cause must be eliminated. they we can see a decrease of crimes

Main News