මධුෂ් ඩුබායිහිදීම එල්ලා මරවන්න මෙරට ප‍්‍රබලයෙක්ගෙන් සැලසුම්.. ගෙන ආවොත් පටි රෝල්වේ යයි බිය වේ..

February 7, 2019 at 9:20 am | lanka C news
මධුෂ් ඩුබායිහිදීම එල්ලා මරවන්න මෙරට ප‍්‍රබලයෙක්ගෙන් සැලසුම්.. ගෙන ආවොත් පටි රෝල්වේ යයි බිය වේ..

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රබල පාතාල කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධුෂ් මෙරටට ගෙන ඒම සදහා වන සැලසුමට මෙරට ප‍්‍රබලයෙක් විසින් බාධා කරමින් සිටින්නේ යයි වාර්තා පල වෙයි.

මධුෂ් මෙරට ගෙන ආවහොත් ඔහු විසින් කරනු ඇති හෙලිදරවු හේතුවෙන් තමනට දැඩි බලපෑමක් වේයයි අදහසින් මෙම ප‍්‍රබලයා දැනටමත් මාකදුරේ මධුෂ් මෙරටට ගෙන ඒමේ උත්සාහයට විරුද්දව සමාජ ජාලාවල කණ්ඩායම් යොදවමින් ඊට එරෙහි මත සාදමින් සිටින්නේ යයිද සදහන්ය.

මාකදුරේ මධුෂ්ට ඩුබායිහිදී මරණ දඩුවම දිය යුතු බවත් ලංකාවට ගෙන ආවහොත් නිදහස් වනු ඇති බවටත් දැනටමත් අදහස් පල වෙමින් තිබේ.

අත්අඩංගුවේ සිටින මධුෂ් මෙරටට ගෙන්වා ගැනීම සදහා දැනටමත් රාජතාන්ත‍්‍රික මට්ටමේ සාකච්චා ආරම්භ වී ඇතත් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් සදහන් කරන්නේ ඩුබායිහි නීතිය අනුව කටයුතු කිරීමෙන් පසු මිස මොවුන් ලංකාවට ගෙන්වා ගැනීම අසීරු වනු ඇති බවයි.

91 views

14 Comments to “මධුෂ් ඩුබායිහිදීම එල්ලා මරවන්න මෙරට ප‍්‍රබලයෙක්ගෙන් සැලසුම්.. ගෙන ආවොත් පටි රෝල්වේ යයි බිය වේ..”

  1. ruwan says:

    හැකි ඉක්මනට මදුෂ්ව ලංකාවට ගෙනත් නිදහස් කල යුතුයි. දුමින්ද සිල්වාවත් ඒ එක්කම නිදහස් කල යුතුයි. නානසාර හාමුදුරුවෝ නිදහස් නොකළ යුතුයි. නැත්නම් ගෝටාට අවාසි වෙනවා.

    • මෙරට දේශපාලඥයින් says:

      මේ ගොල්ලෝ ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෑ… හිරගෙට යවන්න ඕනෑ ඩුබායි වලදීමයි. ලංකාවට ගෙනත් හිරේ දැම්මොත්, එළියේ ඉන්න ගෝල බාලයින්ට ටෙලිෆෝන් එකෙන් අණ දිදී නියමෙට ගේම දෙයි. හිරගෙදර නිලධාරීන්ට, බලධාරීන්ට හොඳට සලකලා, නියම සැප පහසුකම් ලබාගනී. එහෙම නැත්නම්, දොස්තරලා අල්ලාගෙන, මහ ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවකටම වෙලා හිර ගෙදර ජීවිතේ ගත කරයි. තමන්ගේ යාලුඇමැති මන්ත්‍රී පිහිටෙන් “යහපත් කල් ක්‍රියාවට” විශේෂ සහනයක් ලබාගෙන අවුරුදු දහයේ හිර දඬුවම අවුරුදු දෙකෙන් තුනෙන් ඉවර කරලා, ආපසු එළියට එයි. ඉන් පස්සේ, ෆුල් ජොලියේ පාතාලය රජ කරයි. ඩුබායි වල නීති තදයි. එහේ හිරගෙදරදී මෙහේ වගේ සෙල්ලම් බෑ. මගේ නම් අදහස, ඔවුන් යවන්න ඕනෑ ඩුබායි හිර ගෙදරටමයි. ජනාධිපතිතුමනි, පුළුවන්කමක් ඇතිනම් තියන සාක්කි එහාට යවලා, මෙහෙ පොලිස් නිලධාරීන් හා නීතිඥ මහතුන්ට උපදෙස් දීලා, එහෙ උසාවියක නඩු අස්සලා ඔවුන්ව ඒ රටේ හිර ගෙදරට යවන්න. එහෙම කලොත්, ඔබතුමා මේ රටට කරන්නේ ලොකු සේවයක්..

    • පාතාලයා says:

      කස්ටියම එකතු වෙලා ඩුබායි පොලිස් ලොක්කො සහ විනිසුරුලට ඊමේල් එකෙන් මරණ තර්ජන යවමු! අපේ කට්ටියව නිදහස් කරපියව් නැත්තං තොපිව මරනවා කියලා! එතකොට උන් එ මලටම ඕකුන්ව එවන එකක් නෑ ජෝන් අමරතුංග මෙහෙ ඉදන් මොන දෙය කළත්!

    • Gamarala says:

      I hope Hon,wele suda should be PM and hon,madush should be president candidate

  2. Ariyathilaka says:

    “තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා, හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා”

  3. nim says:

    get the all informations while in dubai and let dubai govt to their job . any limitation to obtain information about others who are around him while in dubai ?

  4. point blank says:

    kawda ithin God father Ranil misak

  5. Drew says:

    The law in UAE for drug offences was last amended in 2016 and if you possess a trafficable quantity (which is not for personal use determined by the quantity) the penalty is a jail term and a fine, not the Capital Punishment.

    To be exact – Article No 46 of the Anti-Narcotic Psychotropic Substances Law says that “the penalty of imprisonment for a period of not less than 10 years and not more than 15 years and a fine of not less than Dh20,000 shall be imposed on any person who has managed, prepared or set up a place for the abuse of narcotic drugs or psychotropic substances”.

    The punishment is lesser for a quantity below the threshold for personal use.

    Hope this helps.

  6. buruputha says:

    Mona deshapalaka balla ahuvunath Mata Kamak ne Oya Madush kiyana minimaru kuddava Lankavata genath siyalu visthara danagena Ella mariya yuthui. Evita apita danaganna puluvan madushta udavu kala UNP Deshapalana kuddo kavuda kiyala. Dan UNP baiyala baye gahi gahi inne.

  7. Ratawasiya says:

    Marenna kalin ubata sambanda hama desapaluwagema nam tika policiyata helikarapan Madush mokada ubata dan Dubai neethiyen berumak naha. meheta ganawoth muge hawulkara deshsapaluwo muwa magadima antharsdana karawai unge nam heliwenawata baye.

  8. මමාචි says:

    කිසිම දෙයක් නොදන්න‍‍ෙ අයෙකුගේ බොරු කතාවක් – ඩුබායිවල එල්ලා මැරීම නැත මේ වරදට – දඩයක් හා සිරදඩුවමක් ලැබේ – මේ බේගල් පතුරවන්නේ දේශපාලන වාසි සඳහායි

  9. Buddhadasa says:

    The people probably mostly politicians who are afraid of bringing this man to justice in Sri Lanka should not worry. I will be 100% sure that nothing will happen . Politicians of all aides will have their say and there will be a court case , which would linger on for yeras aers and years and meanwhile the man will be freed on bail and will be free to do his drug business with together the politicians and after about 10 years probably he will be imprisoned for about 6 months.

  10. Sam Fernando says:

    He must be hanged in Dubai. That’s my opinion.

Main News