මධුෂ් බේරගන්න දෙවැනි බිරිඳ පෙරට… ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හමුවේ..
September 14, 2019 at 1:20 pm | lanka C news
රහස් පොලිස් භාරයේ සිටින මාකඳුරේ මධුෂ් නඩුවලින් ගලවා නිදහස් කර ගැනීමේ මෙහෙයුමට මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඉන්දියාවට පැමිණ අංගොඩ ලොක්කාගේ කල්ලිය හමු වී ඇතැයි අනාවරණය වෙයි.
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේ දී වෙඩි කා මියගිය කළු තුෂාරගේ බිරිඳ තම සැමියාගේ මරණයෙන් පසු මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ ලෙස ඩුබායි රටේදී මධුෂ් සමග වාසය කළාය. මධුෂ් අබුඩාබි පොලිසියට කොටු වෙන්නේද ඇයගේ ඉල්ලීමකට අනුව දරුවාගේ උපන්දින සැමරුම මහ ඉහළින් පවත්වන්නට යද්දීය.
මධුෂ් රහස් පොලිසියේ නඩුවලින් ගලවා ගැනීම සඳහා නීතිඥවරුන්ට වියදම් කරන්නේ ඩුබායි සිටි එම බිරිඳය. මෙම කාන්තාව මේ වන විට ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කා හමුවීමට පැමිණ ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
– aruna.lk