මධුෂ් ලංකාවට ගෙනාවොත් නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෑ.. – විජිත හේරත්

February 10, 2019 at 3:00 pm | lanka C news
මධුෂ් ලංකාවට ගෙනාවොත් නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෑ.. – විජිත හේරත්

ඩුබායිදී අත්අඩංගුවට ගෙන තිබෙන මාකදුරේ මදුෂ් ශ‍්‍රී ලංකාවට ගෙන ආවහොත් මෙරටදී දේශපාලඥයන් විසින් නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරිමට ඉඩ නොදෙනු ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා කීය.

මීට පෙරද එවන් තත්ව ඇති වී තිබෙන බවත් මහා පරිමාණයෙන් කුඩු ජාවාරම්කරුවන් නීතියෙන් ලිස්සා ගිය බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඩබායි නීතිය ලංකාවේ නීතියට වඩා තද බවත් ඔහු ලංකාවට ගෙන ආවොත් බේරා ගැනීමට දේශපාලඥයන් බොහෝ පිරිසක් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව සදහන් කලේ එම පක්‍ෂ මාවනැල්ල ආසන බල මණ්ඩලය අමතමිනි.

19,886 Viewers

4 Comments to “මධුෂ් ලංකාවට ගෙනාවොත් නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෑ.. – විජිත හේරත්”

  1. smn says:

    ඔය අපරාධකාරයො ටික ලංකාවට ගෙනාවනම් මෙහෙ ඉන්න මජර දේශපාලුවො,ඊනියා මානවහිතවාදියො,ආගම් ජාති අන්තවාදියො,සල්ලි පෙරේතයො,පාතාල ගෝලබාලයෝ,අවලම් කුහකයෝ…මුන් සේරම කැහපොට ගහගෙන වැඩේ අංජබජල් කරනවාමයි. ඇරත් අපේ උසාවිවල නඩු අහල තීන්දුව දෙනකොට අපේ මුනුබුරාලගෙ මුනුබුරාලත් කුඩ්ඩො වෙලා හිටියි.

  2. shantha says:

    මධුෂ් ගැන ලංකාවේ පලවෙන ගොඩක් පුවත් ඇත්ත නෙමේ කියල ඩුබායි ඉන්න අපිටනම් හොඳට තේරෙනවා. මම දැක්ක එක නාලිකාවක පුවත් කියවනකොට කිව්වා, මදුශ්ව රඳවා තිබෙන්නේ අල් අවිර් ප්‍රදේශයේ අල් මුල්ලාහි පිහිටි අල් රෆා පොලිස් ස්ථානයෙලු. කියන බොරු වලට කොහෙන් හිනා වෙන්නද මන්ද…ඒක නිකන් “ගාල්ල ප්‍රදේශයේ මහනුවර පිහිටි පිටකොටුව පොලිස් ස්ථානය’ කියල කිව්වා වගේ වැඩක්. ඔය ස්ථාන එකිනෙකට වෙනස් ප්‍රදේශ…කව්රුවත් මදුශ්ව හැබැහින් දැකල නැති නිසා අල්ලාගෙන තියෙන්නේ නියම පුද්ගලයවද කියලවත් මෙයාල දන්නේ නැතුව ඇති.

  3. Pal says:

    JVP wants money…
    They were collecting money those days by using university students.
    Now the system is different..
    They have found new ways to raise funds to their palatial life. Selling their votes to Ranil when needed.
    So they blame Ranil to weaken him and there by increase the demand for votes.

    Very nice business…
    One and only party in the world to make money by selling votes….

  4. Real man says:

    JVP had a very big reputation during mid eighties and I voted them repeatedly.
    Also asked my friends to do so. I was a reputed tution master those days and there were many students who voted them , specially when they joined Chandrika. Many of us worked for them unofficially and they really betrayed all of us.
    If they continued to be with them , today we would have seen JVP on top not Pohottuwa.
    They lost the people and we lost a good party who could develop our country.

Leave a Comment

Main News