ඩුබායි අත්අඩංගුවේ සිටි ‘සිද්ධික්’ ඇතුළු දෙදෙනෙක් පිටුවහල් කෙරේ.. කටුනායකදී පොලිස් බාරයට ගනී..
April 2, 2019 at 9:20 am | lanka C news
මාකදුරේ මධුෂ් සමගින් ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද තවත් පුද්ගලයන් දෙදෙනෙකු ශ්රී ලංකාවට පිටුවහල් කර තිබේ.
ඔවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලේදී රහස් පොලීසිය බාරයට ගෙන මේ වන විට ප්රශ්න කරමින් සිටී.
අද අලුයම මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලඹ 12 පදිංචිකරුවෙකු වන මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් හා කඹුරුපිටියේ පදිංචිකරුවෙකු වන ලංකා රජිත් පෙරේරා යන දෙදෙනායි.
ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් 31 දෙනාගෙන් මේ වන විට 06 දෙනෙකු මෙරටට පිටුවහල් කර ඇත.