මධුෂ් සමග ඩුබායි අත්අඩංගුවේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ගේ අනියම් බිරිදට කොටහේනේදී වෙඩි තබයි..

February 15, 2019 at 12:00 pm | lanka C news
මධුෂ් සමග ඩුබායි අත්අඩංගුවේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ගේ අනියම් බිරිදට කොටහේනේදී වෙඩි තබයි..

මාකදුරේ මධුෂ් සමගින් ඩුබායි අත්අඩංගුවේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ නම් පාතාල නායකයගේ අනියම් බිරිදට වෙඩි තැබීමක් සිදු කර ඇත.

කොළඹ කොටහේනේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් බව පොලීසිය සදහන් කරයි.

තුවාල ලත් එම කාන්තාව කොලම ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

මෙම තැනැත්තිය ‘කුඩු චූටි’ ලෙස හැදින්වූ 39 හැවිරිදි ආශා ෆාරි නම් හෙරොයින් ජාවාරමේ යෙදුනු කාන්තාවක් යයිද පොලීසිය කියයි.

289 views
Main News