මධුෂ් සමග ඩුබායි පොලීසිය ඇල්ලූ රාජතාන්ත‍්‍රික බලපත් හිමිකරුත් ලංකාවට පිටුවහල්.. ප‍්‍රබල දේශපාලඥයාගේ හිස ගිනිගනී.. දැඩිව කලබලවේ..

March 29, 2019 at 9:20 am | lanka C news
මධුෂ් සමග ඩුබායි පොලීසිය ඇල්ලූ රාජතාන්ත‍්‍රික බලපත් හිමිකරුත් ලංකාවට පිටුවහල්.. ප‍්‍රබල දේශපාලඥයාගේ හිස ගිනිගනී.. දැඩිව කලබලවේ..

මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට බලධාරීන් විසින් තීරණය කර ඇතැයි වාර්තා පළවීමත් සමග මෙරට ප්‍රබල දේශපාලනඥයෙක් කලබල වී ඇති බවට සමාජ මාධ්‍ය ගණනාවක වාර්තා පළව තිබේ.

මීට හේතු වී ඇත්තේ එම අත්අඩංගුවට පත් වූ පිරිසේ සිටින එක් පුද්ගලයෙකුට රාජතාන්ත්‍රික විදෙස් බලපත් ලබාගැනීම සඳහා මෙම දේශපාලනඥයා මැදිහත් වී තිබූ බවට වාර්තා වී තිබීමයි.

ඩුබායි රාජ විසින් මෙම පිරිස ඉතා නුදුරේදීම ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇති බවත් ඔවුන් කටුනායක දීම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සූදානමින් සිටින බවටත් ඊයේ රාත්‍රී වනවිට වාර්තා විය.

පොලිස් ප‍්‍රශ්ණ කිරිම්වලදී මෙම පුද්ගලයාට රාජතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ ලබා දුන්නේ කවුදැයි හෙලි වනු ඇති නිසා මෙකී දේශපාලඥයා කලබල වී සිටිතැයිද අයවැය විවාදයේදී ඔහුට නියමික කතාවන්ට පවා සූදානම් නොවී සිටින්නේ යයිද වාර්තාවන්හි දැක්වෙයි.

32 views

4 Comments to “මධුෂ් සමග ඩුබායි පොලීසිය ඇල්ලූ රාජතාන්ත‍්‍රික බලපත් හිමිකරුත් ලංකාවට පිටුවහල්.. ප‍්‍රබල දේශපාලඥයාගේ හිස ගිනිගනී.. දැඩිව කලබලවේ..”

  1. Hdh says:

    කවුද කවුද ?

  2. Saranga says:

    එකෙක්වත් කියන්නේ නැහැ ප්‍රබල දේශපාලකයා කවුද කියලා. හැබැයි පොඩි එකෙක් එහෙම අහුවුනොත් උගේ උප්පැන්න සහතිකේ කොපියකුත් පත්තරේ දානවා. ලංකාවේ මාධ්‍ය කාරයනුතුත් ප්‍රබල අමෙතිගෙන් ගානක් කපාගෙන ඇති

Main News