මනමාලිගෙ රෙද්ද උස්සන්න පාසැල් සිසුන් 250ක් සහභාගී කර ඇත්තේ මහ ඇමතිගේ උපදෙසින්.. පරීක්ෂණ ඇරඹෙයි..
September 22, 2017 at 3:00 pm | lanka C news
ලෝකයේ දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාවක් පිහිටුවීමට මනාලියගේ සාරි පොට ඇල්ලීමට පාසැල් දරුවන් යොදා ගැනීම ගැන ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ වැඩසටහන සදහා පාසැල් දරුවන් 250ක් සහභාගී කර ඇත්තේ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකගේ උපදෙස් මතයි.
සියළුම සිසුන් සරත් ඒකනායක විදුහලේ දරුවන් වන අතර මේ සදහා පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරැවරුන්ද එක්ව සිටියහ.