මන්ත‍්‍රීන් රැසක් ජනපති හමුවී ඇමතිකම් ඉල්ලති.. නැතිව ගමට යන්න බෑලු..

June 25, 2022 at 3:00 pm | lanka C news
මන්ත‍්‍රීන් රැසක් ජනපති හමුවී ඇමතිකම් ඉල්ලති.. නැතිව ගමට යන්න බෑලු..

හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී තනතුරු ඉල්ලා ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී ඇති මෙම පිරිස තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරු කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

තමන් ඇමති ධුර දරද්දී ආරම්භ කරන ලද වැඩසටහන් රැසක් අතර මඟ නවතා දමන්නට සිදු ව ඇති නිසා ඒවා සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් දෙන්නැයි ඔවුන් සඳහන් කර තිබේ.

එහිදී කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ තම ගම් ප්‍රදේශ වලට පවා යාමට හැකියාවක් නැති බවයි.

කෙසේ නමුත් නව රාජ්‍ය අමාත්‍යවරු පත් කරන දිනයක් ගැන ජනාධිපති එහිදී කිසිවක් පවසා නැත.

31,069 views

10 Comments to “මන්ත‍්‍රීන් රැසක් ජනපති හමුවී ඇමතිකම් ඉල්ලති.. නැතිව ගමට යන්න බෑලු..”

  1. Left voter says:

    මිනිස්සු මෙච්චර දුක් විදිද්දි උඹලා ඇමතිකමක් ඉල්ලනේ උඔලා මොක්කුද , ටිකක් හිටපල්ලා මේක ගොඩ දාගන්නකල්,පිස්සුු යක්කු

  2. chamil says:

    Kohomath gamata ennath epa

  3. SL says:

    තොපි 225ම ඇමතිකම් ඉල්ලල්ගෙන තොපි පොහොසත් වුනා මිසක රට පොහොසත් වුනේ නැහැ.

    හැම බහිරවයෙකුටම ඇමතිකම් දෙන්න අපේ රටට පිස්සු හැදිලා තියෙන්න ඕනේ.

  4. සෙරෙප්පු සුප්. says:

    මිනිස්සු ඇයි මේ අයවම ඉල්ලන්නෙ.මේ අය ඉන්නකම් කොච්චර වැඩ කලාද​?.බලන්නකො එක ගමක්වත් තියෙනවද නොකා නොබී ඉන්න මිනිස්සු ඉන්න​.උන්ට තුන්වේලම කාල බීල දැන් උස්මුරුත්තාවට ඇවිල්ල​.උන් මේ අයව ඉල්ලන්නෙ දැන් වැඩ කලා ඇති කියන්න​.උන් දේශිය අමු ද්‍රව්‍ය යොදල උන්ම හදා ගත්තු කොසු ඉදල් ඒ කියන්නෙ හස්ත කර්මාන්ත තියාගෙන ඉන්නෙ මේ අයට පිලිගන්වන්න​.ඒව චීනෙට හරි ඇමෙරිකාවට හරි යවල ඩොලර් ගේන්න කලින් ඒවගෙ සවි ශක්තිය උරගා බලන්න. දේශීයත්වය කියල දෙන්න,කළගුණ සලකන්න​,අපි ගුනමකුවො නෙමේ කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්නන්න​.ඒ අතින් අපේ උන් ග්‍රේඩ්.එහෙම බලනකොට මේ වෙලාවෙ ජනාධිපතිතුමා වැරදියි. මේ අයටත් මොකක් හරි කමක් නැහැ අළුතෙන් හරි ගැසට් කරල තනතුරු දෙන්න​.ඒ අය බලා ඉන්නව ගමේ යන්න​,ගමේ අය බලාන ඉන්නව ඒ අය පිළිගන්න​.අන්‍යෝන්‍ය සම්බන්දෙක මහිමෙ පෙන්නන්න​,අමතක නොවෙන තෑගි දෙන්න​.පරක්කු කරන්න එපා ජනාධිපතිතුමනි,තැටිය රත් වෙච්ච වෙලාවෙ අපට රොටිය පුච්ච ගන්න අවස්ථාව සලසල දෙන්න​,රුපියල් ඉතුරු කරල ඩොලර් හදන හැටි අපි කියා දෙන්නම්.

  5. මරතේනිස් අයියා says:

    ගමට යන්න බැරි මුන්ට ඇමතිකම් නැති නිසාද එහෙම නැතිනම් මුන්ගෙ ලොක්කගෙයි මුන්ගෙයි වැඩ සහ කරන කතා නිසාද යන්න මුන් තවමත් තේරැම් අරගෙන නැහැ ඉතිං මුංට ඒක තේරැම් ගන්නවත් බඩ ගෙඩියක් මිස මොලයක් නැහැනෙ

  6. kuma says:

    What is the use of State ministers
    For this small country

  7. පව් අපි says:

    මුන් ට ගමේ යන්න බෙරි මුන් පොරොන්දු වෙලා තියන රජයෙ සේවය ට රෙකියා ලබාදෙන පොරොන්දු ඉටු කරගන්න බෙරි වෙන නිසා.
    තව කාලකන්නි රජයෙ සේවයෙන් ටිකක් එකතු කරගන්න තමා සෙලසුම

  8. Boo says:

    ඕකුන්ට මඩු වලිගෙන් තලලා හිස් අතින් ගමට යවන්න ඕන. කාලකන්නි හැත්ත.

  9. Lajja Bimin says:

    Hondatama gutikaalath, thawamath amathikam illanna mungta lajkaawak aththema nadda? Mewata thamai kiyanne ” lajjawata wada amathikama lokui kiyala”.

  10. Kalu Albot says:

    Gamata yanna ? Thopi enathuru thamayi, api balan inne !! Warewuko, Balu Huththige Pauthaala !!

Main News