මන්ත‍්‍රීන් රැසක් ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රී’ ලාංඡනය වාහනවලින් ගලවති.. පෝලිම් මගහැර යන්නැයි දන්වති..

April 3, 2022 at 2:10 pm | lanka C news

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් තම වාහන වල ඉදිරි වීදුරුවේ ප්‍රදර්ශනය කරමින් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාංඡනය ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ.

ඇතැම් මන්ත්‍රීවරුන් මේ බව පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට ද දැනුම් දී තිබේ.

ඉන්ධන ගෑස් සහ වෙනත් පෝලිම් වල සිටින ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙම පියවර ගෙන ඇතැයිද දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාර සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ටද එසේ කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

එමෙන්ම ඉන්ධන ගෑස් හෝ වෙනත් පෝලිම ඇති ප්‍රදේශ හැකිතාක් මගහැර වාහන ගමන් කරන ලෙස ද ආරක්ෂක අංශ විසින් මැතිඇමතිවරුන්ට උපදෙස් දී ඇත.

34,119 views

17 Comments to “මන්ත‍්‍රීන් රැසක් ‘පාර්ලිමේන්තු මන්ත‍්‍රී’ ලාංඡනය වාහනවලින් ගලවති.. පෝලිම් මගහැර යන්නැයි දන්වති..”

  1. කපිල says:

    කපුටාස් ගොයිං ටු ගෙදර ඇන්ඩ් ඇටෑකින්ග් ද පැට්‍රෝල් ශෙඩ්. මන්ත්‍රීස් නොට් කමිං ටු පාර්ලිමේන්තුව. පිනිශ් ද ආන්ඩුව.

  2. Suneth says:

    මහින්ද නාමල් බැසිල් චමල් මුන් පන්නා දැම්මොත් 69 ලක්ශය නොවේ 90 ලක්ශයක් ගෝට සමග ඉන්නව .ඔය හැතිකරේ තමා ගෝට නැතිකලේ .තාමත් මහින්දය ගේම දෙන්නේ නාමලය රජකරවන්ඩ .

    • Jayasanka says:

      මේ රටේ ප්‍රභාකරන්ගෙ පුතෙක් රජ උනත් කිසිදිනක මහින්දගෙ පුතෙක් නම් රජවෙන්නේ නෑ ඒ තරමටම කාලකන්ණි හැත්ත අප්‍රියයි .මේ රාජපක්ශ පාලනයේ අවසානයයි .උන් පරම්පරා 100 කට ගොඩ ගියා අපේ ලමයි අදුරෙන් අදුරටම වැටුන .මුන් පණුවො ගහල මැරෙන්නේ .

    • ගෞම් ඊයාරාජ් says:

      හිකනලයො !! ආපහු ඔය පරපුරට චන්දේ මේ ලංකාවෙ නැ , වෙන රටකින් ඉල්ල ගන්න කියහං ඔය වගේ මරිමොල් ගොබ්බ ගොන් කතා මෙ වගේ වෙබ් අඩවියක දැම්මට කමක් නෑ , ඒ උබේ අයිතිය හැබැයි ඉතින් ඔය වගේ කතා සමාජය ඉස්සරහ කියන්න යන්න එපා ! කන පලාගෙන එන්න වෙන්නේ බත්බැලයා .🤣🤣🖕

    • 0.0069 Biyyo says:

      හිකනලයො !! ආපහු ඔය පරපුරට චන්දේ මේ ලංකාවෙ නැ , වෙන රටකින් ඉල්ල ගන්න කියහං ඔය වගේ මරිමොල් ගොබ්බ ගොන් කතා මෙ වගේ වෙබ් අඩවියක දැම්මට කමක් නෑ , ඒ උබේ අයිතිය හැබැයි ඉතින් ඔය වගේ කතා සමාජය ඉස්සරහ කියන්න යන්න එපා ! කන පලාගෙන එන්න වෙන්නේ බත්බැලයා .🤣🤣🖕

  3. ළම​යා says:

    ජනතාව ගහලා පන්නපු පළමු ජනාධිපති, ද්විත්ව පුරවැසි මුදල් ඇමති හා මන්ත්‍රී කණ්ඩායම වෙයිද?

  4. Saleem says:

    එමෙන්ම ඉන්ධන ගෑස් හෝ වෙනත් පෝලිම ඇති ප්‍රදේශ හැකිතාක් මගහැර වාහන ගමන් කරන ලෙස ද ආරක්ෂක අංශ විසින් මැතිඇමතිවරුන්ට උපදෙස් දී ඇත

    මාර වැඩේ. ජනතාව මුංව පත් කරල තියෙන්නෙ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. ඒත් මේ කාලකණ්නි විසදුම් කොහොම වෙතත් ඒ ප්‍රශ්න ඇහෙන් දකින්නවත් කැමති නැහැ. එහෙම නම් මුං කොහොමද තවදුරටත් මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විඳින්නේ? ඒ ඒ පෙදෙස්වල මිනිස්සු මුංගේ ගෙවල්වලට ගිහිල්ල ගල් ගහන්න ඕන. හූ තියන්න ඕන

  5. යකාගෙ නීතිය says:

    V.8 පැත්තකින් තියල හෙල්මට් එකක් දාගෙන බයික් එහෙක පලයල්ල ටිකක් මිනිස්සු යනවිදිය තේරෙන්නත් එක්ක. මිනිස්සු ගල් ගගන්නෙ v8 වලට විතරයි

  6. LalithM says:

    නැවත ඡන්ද ඉල්ලීම කල හැකිද? 20 සංශෝධනයට අත උස්සපු එකෙක්ට වත් පාර්ලිමේන්තුවට වරම් නොදිය යුතුයි.

  7. ගෞම් ඊයාරාජ් says:

    ඔය මහත්තුරු පාර්ලීමේන්තුවේ රැගුවට , වැඩ දැම්මට චන්දේ දෙන්නේ අපේ මහජනතාව , කවදාහරි එන්නකො බලන්න මහජනතාව අතරට 🤣🤣🤣🖕🖕

  8. විමල්ටත්-උදයටත් ජඩකම් කරපු තොපේ දැන් ගැලවෙන්නේ වාහන වල ලාංජනය විතරයි. ඉස්සරහට තොපේ කලිසම් මහපාරේ ගැලවෙන දවසක් එනවා ! බැසිලගේ මස් කටු ලෙවුවා නම්,ඌ නිසාම ජනතා වෛරයට, කෝපයට පත් වෙලා.! තොපිට ආයේ ඉදිරි දේශපානයක් නෑ!තොපිත් පලයවු ඇමරිකාවට!ගිහින් බැෂිලගේ කක්කුස්සි හෝදපන්! ,ඉදකින්!

  9. Sun says:

    These fellows have stolen money and taken them away from the country. That is the reason for the collapsing economy. Money has gone to the personal accounts away from the country. And the Moda fellow Basil cannot handle the ministerial position in a country like ours without experience and brains. He collected money and disappeared after Sunami disaster and back now to take more of the poor man’s money.

  10. Saradiel says:

    පුහුල් හොරා කරෙන් දැනේ.

Main News