මට කොළඹ එන්න පනස්දාහක තෙල් යනවා.. ඉන්ධන දීමනාව මදි..- විමලවීර

August 4, 2022 at 3:50 pm | lanka C news
මට කොළඹ එන්න පනස්දාහක තෙල් යනවා.. ඉන්ධන දීමනාව මදි..- විමලවීර

දුර ඈත ප්‍රදේශවල සිට කොළඹට පැමිණ මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන වියදම පිළිබඳව කිසිවෙකු කතා නොකරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.

මන්ත‍්‍රීවරුන්ගේ ගමන් බිමන් පිළිබඳව සලකා බලද්දී දැනට ලබාදෙන ඉන්ධන දීමනාව ප්‍රමාණවත් නැති බව ද හෙතෙම පැවසීය.

මෙතෙක් රුපියල් 104 බැගින් වූ මිලට ඉන්ධන ලීටර් 600ක් ලබාදුන් බවද පවසන ඔහු අද එම මුදලට ඉන්ධන ලබා ගත නොහැකි බැවින් ගැටලු රැසකට මුහුණ දී ඇතැයිද කියා සිටියි.

අම්පාර සිට කොළඹට පැමිණීම සඳහා පමණක් ඉන්ධන වලට රුපියල් පනස් පන් දහසක් වැයවන බව ද පැවසූ ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ මළ ගෙවල් දෙකකට යන විට තවත් රුපියල් 75,000 ක ඉන්ධන මේ වන බවත් පැවසීය.

තමන්ගේ නිවසට ගිනි තබා ඇති නිසා අද වන විට තමන් ඉන්න හිටින්න තැනක් නැති හිඟන්නෙකුගේ තත්වයට ඇද වැටී ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

12,223 views

78 Comments to “මට කොළඹ එන්න පනස්දාහක තෙල් යනවා.. ඉන්ධන දීමනාව මදි..- විමලවීර”

  1. President says:

    උබ ගෙදර හිටපන්.

  2. බඩසම says:

    උබ ගෙදර හිටපන්.

  3. රනිල් says:

    උබ ගෙදර හිටපන්.

  4. Namal says:

    මූ කෙහේ ඉඳලද එන්නේ…. 50000/- ක තෙල් ගහගෙන

Leave a Comment

Main News