මන්ත‍්‍රීවරයෙක් ගෑස් පෝලිමේ අයෙකුට පහර දෙන්න යයි…

July 16, 2022 at 12:40 pm | lanka C news
මන්ත‍්‍රීවරයෙක් ගෑස් පෝලිමේ අයෙකුට පහර දෙන්න යයි…

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුසෙයි ඇලෙක්සැන්ඩර් (ලංකා කම්කරු කොන්ග්‍රසය) මහතා නොර්වුඩ් නගරයේ ගැස් සිලින්ඩර් පොලිමේ සිටි පුද්ගලයෙකුට පහර දිමට තැත් කිරිම සම්බන්ධයෙන් එම මන්ත්‍රිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් ආරම්භ කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත.

ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුට නොගැලපෙන ක්‍රියාවක් ඔහු විසින් සිදු කර ඇති බවත්, එම මන්ත්‍රිවරයාගේ පක්ෂ සමාජිකත්වය (15) දින සිට තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව කඩිනමින් විනය පරික්ෂණයක් සිදු කිරිමට පියවර ගෙන ඇති බවයි.

නොර්වුඩ් නගරයේ ලිට්‍රො ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට (14) දින රාත්‍රියේ ප්‍රදේශවාසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් පොලිමේ තබා එම ගැස් සිලින්ඩර් ආරක්ෂා කර ගැනිමට මුරකරුවෙකු යොදා ඇත.

(14) දින රාත්‍රි 10 ට පමණ බිමත්ව පැමිණි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඔහුගේ ගෘහස්ථ ගැස් සිලින්ඩරය පොලිමේ මුලටම තැබිම සම්බන්ධයෙන් ගෘහස්ථ ගැස් සිලින්ඩර් රැක බලාගත් පුද්ගලයා විරුද්ධ වි ඇති අතර, එහිදි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඉන ප්‍රදේශයේ සගවා තිබු මත්පැන් බෝතලයක් රැගෙන ඔහුට පහර දිමට තැත් කර පසුව පොලිමේ තබා තිබුගෘහස්ථ ගැස් සිලින්ඩර් වලට පා පහරක් එල්ල කර ගැස් සිල්න්ඩර් බිමට හෙලා ඇත.

පසුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ඔහුගේ ගැස් සිලින්ඩරය පොලිමේ මුලට තබා (15) දින උදැසන ඔහු විසින් ගැස් අලෙවි නියෝජිතයාගෙන් ගැස් සිලින්ඩරය මිල දි ගෙන ඇති බවයි නොර්වුඩ් ප්‍රාදේශවාසින් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,537 views

2 Comments to “මන්ත‍්‍රීවරයෙක් ගෑස් පෝලිමේ අයෙකුට පහර දෙන්න යයි…”

  1. Alapaluwa says:

    මිනිසුන් කුපිතවේලා සිටින වේලේ මේවගේ ගොබ්බ වැඩ කරන්න එපා. අන්තිමට වටේ එවුන්ගෙන් කෑවට පස්සේ බොරුවට අරගලයේ නම විකුණන්න එපා,මුට අත පුරවාලා ගහාපිය වටේ ඉන්නා එවුන් යන්න නොදී Alapaluwa

  2. Gamarala says:

    මුන් මේ කාලකන්නින්ට චන්දෙ දීලා ගුටිකනවා තවත් කාපල්ලා