මන්ත‍්‍රීවරුන් හිග තෙල් සල්ලිත් ඉල්ලති…

August 7, 2022 at 12:00 pm | lanka C news
මන්ත‍්‍රීවරුන් හිග තෙල් සල්ලිත් ඉල්ලති…

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනා වැඩි කිරීමෙන් පසු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාස කිහිපයක හිග ඉන්ධන දීමනාව ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතැයි වාර්තා වෙයි.

නමුත් කතානායකවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක් ලබා දුන්නේ පැරණි මිල ගණන් යටතේය.

මෙය නමුත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත නව මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ලබා දීමට පසුගිය සතියේ සිට පියවර ගෙන ඇත.

අනුව බැහැර ප්‍රදේශයක මන්ත්‍රීවරු ඉන්ධන දීමනා වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් අමතරව හිමිවෙයි.

නව මිල ගණන් අනුව ගලපා ඉන්ධන දීමනාව ලබා දුන් පසු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ හිග ඉන්ධන දීමනාවද කතානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

4,812 views

5 Comments to “මන්ත‍්‍රීවරුන් හිග තෙල් සල්ලිත් ඉල්ලති…”

  1. Balana Rala says:

    Chase these buggers away. They deserve nothing but a big kick in their asses…what a disgusting, disgraceful and shameful people. The government should not provide them with anything. We need to take England as an example.
    They don’t provide any vehicles to their Maps. They can however request for a vehicle from the pool of vehicles with a driver attached. If not we would entire nation.

  2. rata rakimu says:

    Greedy selfish idiots. Never think about their constituents. It is fair to kick them all out of parliment. What else we can expect from these vilameda idiots.

  3. මුං තවමත් හැසිරෙන්නේ මෙහෙම නම් ගෙවල් ගිනි තියපු එක සාධාරණ යි. ඉදිරියෙදි ත් බලාපොරොත්තු වෙයල්ලා .

  4. අපේ රට says:

    මුන් එන්නේ රට හදන්න නෙමේ.වක්කඩ කඩල හරි මඩිය තර කරගන්න.

  5. Pronto says:

    අර කැලණිය MS කීවේ MODA MOOSALAYO කියල. ME අයට තමයි.

Main News