ප්‍රකට මන්ත්‍රී හිමිනම රක්ෂිත කට්ටි කරයි…
February 13, 2022 at 10:00 am | lanka C news
යාල – කුමන වනාන්තර පද්ධතියට ආරක්ෂාව සපයන මොනරාගල වත්තේගම – කැබිලිත්ත හා කොටියාගල වන රක්ෂිතය නීති විරෝධීව කට්ටිකර අවභාවිත කිරීමේ උත්සාහය පිටුපස පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රකට මන්ත්‍රී හිමිනමක් සිටින බවත් වහාම මෙම විනාශය වැළැක්වීම සඳහා මැදිහත්වන ලෙසත් පාරිසරික සංවිධාන 13ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
රජයේ මැදිහත්වීම මත කුඩා ගොවීන්ගේ වගා කටයුතු සඳහා කැබිලිත්ත කොටියාගල රක්ෂිතයට යාබදව අක්කර 25,000ක් නිදහස් කර තිබියදී මෙසේ මහාපරිමාණ ඉඩම් කොල්ලකරුවන් කිහිපදෙනකු වෙනුවෙන් කැබිලිත්ත කොටියාගල රක්ෂිතය විනාශ කිරීමට ඉඩ ලබා දීම විල්පත්තුවේදී බදුර්දීන් ඇමැතිවරයා සිදු කළ වන විනාශයටත් වඩා මහා විනාශයක් බවද පරිසරවේදීහු කියා සිටිති.
දැනට අනාවරණය කරගෙන ඇති පරිදි දේශපාලන රැකවරණය හිමි දස දෙනෙකුගේ කණ්ඩායමක් විසින් අක්කර 50 සිට අක්කර 300 අතර ප්‍රමාණයන්ගෙන් යුත් ඉඩම් කට්ටි ප්‍රමාණයක් කැබිලිත්ත කොටියාගල රක්ෂිතයෙන් බෙදාගෙන ඇති අතර ඔවුහු මෙම ඉඩම් ගොවිතැන් සඳහා කුලියට ලබාදීමෙන වාර්ෂිකව ලක්ෂ ගණන් උපයති.
ඒ වෙනුවෙන් කතා කිරීම භික්ෂුවකට තරම් නොවටිනා දෙයක් බව කියා සිටින මෙම පරිසර සංවිධාන එකතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටේ වැදගත්ම වනාන්තර භූමි ප්‍රදේශයක් මෙසේ ඉඩම් කොල්ලකරුවන්ට අල්ලා ගැනීමට ඉඩ නොදෙන ලෙසයි.
ජනාධිපතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කරමින් හා ගූගල් සිතියම් අනුසාරයෙන් කරුණු දක්වන සංවිධාන එකතුව වැඩිදුරටත් කියා සිටින්නේ දැනටමත් මේ වැදගත් රක්ෂිත දෙකේ වනගහණය මෙම ජාවාරම්කාරයින් විසින් සියයට 90කින් විනාශ කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ලබාදී ඇති අක්කර 25,000 හැරෙන්නට වන වැස්ම ඉවත්කර ඇති ඉතිරි සියලු රක්ෂිත ඉඩම් තුළ නැවත වන වගාව සිදුකර රක්ෂිත කලාපය සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන ලෙසද ඉල්ලමින් මේ වන විට අදාළ ලිඛිත පැමිණිල්ල ජනාධිපතිවරයා වෙත භාරදී ඇත.
– ජගත් කණහැරආරච්චි
සිංහලයො අතර ගිහියො විතරක් නෙවෙයි පැවිද්දොත් රට මංකෙල්ල කනව. රට අමු සොහොනක් වෙන එක තව වේගවත් වෙයි. සිංහල ජාතිය ලොව බැබලේ කියල සින්දු කිය කිය ඉමු. එහේ කාන්තාරවලට හොඳ නායකයො ලැබුණු නිසා ඒවා සුරපුවල් වෙලා
වසර 74ක් සුද්දන්ට වඩා අපේ රට විනාසකලේ මේ කලු සුද්දන් මුන්ට හෙන හත වදින්න ඕනේ.
සංගාය වහන්සේලා මැතිසබයට නොගත යුතුය.
May Allah guide Sinhalese into truth.
ගෙවල්වල කන්න නැතිකමට , දිළිඳු කමට , පවුලේ ප්‍රශ්න නිසා , ළමයින් ගණන වැඩි නිසා කුඩා ලමයින් පැවිදි කරන්න එපා. බුදුන් වහන්සේගේ ධර්මය දැක නිවන් අවබෝධය පිණිසම පැවිදි වීමක් තමා බුදුන් අනුදැන වදාළේ. එහෙත් රාහුල කථන්දරය ඉස්සරහට දමාගෙන කරන මේ වැඩෙන් වෙන්නෙ ශාසන පරිහාණියක්. ඔවුන්ට නිවන් දැකීමට උවමනාවක් නෑ. දන්නෙ පිරිවෙන් සිලබස් එක වමාරන්නයි , ලවුඩ්ස්පීකර් දමාගෙන අහල පහල දෙවනත් කරන්නයි, දිව්‍ය ලෝක ගැන කියලා මුනිසුන්ගේ ධනය සූරා කන්නයි පමණයි..
සහතික ඇත්ත
hariyatama hari bro. oya ganayanwa desapaalanayen vahaama elaviya yuthui. kanda nethuwa wesige puthaala
thatte gahagena mahanawelaa, passe passe mun maha lokuwata kebara gahagena janathaava mulaakoranava
thattayanma mehema koranakota, unta vandina sinhala suruttuwanuth okamaine koranne.
athana methana panina Ratana da?
කාලකන්නි යක්කු නිරයෙ යන්න පාර කපාගන්න හදනවා.
දේශපාලුවොන්ගෙ ඔඩොක්කුවේ හුරතල් වෙන නානසාර ඇතුලු කාලකන්නි ගන ගෙඩියන්ට සාප වේවා
මගේ රටට දළදා හිමි සරණයි!