මන්ත්රීලාට බර කරත්තෙන්ද යන්න කියන්නේ.. සැප වාහන ඕනෑමයි.. – මුදල් ඇමති
October 21, 2016 at 7:05 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවී තිබෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඇති බවට පළවන වාර්තා අසත්‍යයක් විය හැකි බව මුදල් ආමාත්‍ය රවී කරුණානායක පවසයි.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පසුගියදා ලියකියවිලි සහිත හෙළිදරව්වක්කරමින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඔවුනට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය භාවිතයෙන් වාහන ආනයනයකර අලෙවිකිරීමට පියවර ගෙන ඇති බවය.
ඔහුගේ චෝදනාවට අනුව, අදාළ වාහන බලපත්‍රය විකුණා රුපියල් ලක්ෂ 250ට ආසන්න මුදලක් මන්ත්‍රීවරයකු උපයාගනී.
මේ පිළිබදව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බීබීසි කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ, මන්ත්‍රීවරුන් වාහන බලපත්‍ර අලෙවිකරනු ඇතැයි තමන් නොසිතන බවය.
” මං හිතන්නේ ඒක බොරුවක්, මාධ්‍යයට නිකං බයික් එකක් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ, හැබැයි මන්ත්‍රීවරුන්ට දුන්නොත් ප්‍රශ්නයක්, ඉතින් විකුණපු එක්කෙනෙක්ගෙන් අහන්න” යනුවෙන් ඔහු පැවසීය.
මන්ත්‍රීවරුන්ට අදාළ වාහන බලපත් සපයා තිබෙන්නේ එම වාහන පරිහරණයකිරීමට විනා අලෙවියට නොවන බව ඔහු අවධාරණය කළේය.
ඒ කියන්නේ මන්ත්‍රීවරයෙකුට බර කරත්තෙකද යන්න කියන්නේ, විනිසුරු වරයෙකුට වාහනයක් දුන්නට ප්‍රශ්නයක් නැහැ, මාධ්‍ය ලොක්කන්ට දුන්නට ප්‍රශ්නයක් නැහැ, නමුත් මන්ත්‍රීවරයෙකුට දුන්න ගමන් ලොකු ආන්දෝලනයක් ඇති වෙනවා, යැයි ද පැවසූ අමාත්‍යවරයා “යම් කළු බැටළුවෝ ඉන්නවා ඕනෑම තැනක, හැම දෙනා ම එක බුරුසුවෙන් පාට කරන එක වැරදියි” යනුවෙන්ද ප්‍රකශ කළේය.
පසුගිය වසරේ අයවැය ඉදිරිපත්කිරිමේදී තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කළ ද නැවත එය ක්‍රියාත්මක කළේ ඇයිදැයි විමසු විට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ රජයේ සේවකයින්ගේ ඉල්ලීම මත එය යළි දීමට තීන්දු කළ බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තීරු බදු රහිත වාහන බලපත්‍රය මගින් රුපියල් මිලියන තිස් තුනහමාරක බදු නිදහසක් හිමිවේ.
– BBC
කරුංකානායක කියන එක සහතික ඇත්තය. සමාජවාදය කරන්නත් අධිසුකෝපභෝගී වාහන උවමනාය.
–ලපකුමාර–
බර කරත්ත සහ සැප වාහන ඇරුනහම වෙන වාහන ලංකාවේ නැතුව ඇති. ගොන් තඩිය
උසනං සිකුරිටි මිටිනං කම්කරු……..//
උසනං සිකුරිටි මිටිනං කම්කරු………//
උසනං සිකුරිටි මිටිනං කම්කරු………//
උසනං සිකුරිටි මිටිනං කම්කරු………//
this guy is the neela, kaasa, hora in this stuphid government.people waiting until next election send this guys forever.
අපි පාට කරන්නේ කළු බැටළුවෝ විතරයි, ඒ කියන්නේ රවී කියන හොරාත් එක්ක.
Mokadda kiwwe sanwarditha ratawala nam mathi amathiwarunta wadiya sapa wahanawala mahajanathawa yanawa.Kawruwath katawath barak naha. Hamoma karanne rakiwa ekata watupak labenawane..Jarawa kata unath thahanam.