මන්ත්‍රීවරයෙකුට තියුනු ආයුධවලින් පහරදීමක්.. කැපුම් තුවාල සහිතව රෝහලේ..

January 27, 2020 at 12:00 pm | lanka C news
මන්ත්‍රීවරයෙකුට තියුනු ආයුධවලින් පහරදීමක්.. කැපුම් තුවාල සහිතව රෝහලේ..

යාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඊයේ (26) දින පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේකී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කල බවට පලෙයි පොලීසිය පවසයි.

පේදුරුතුඩුව ඊ.පී.ඩී.පී. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙබමාලෙයි සෙබස්තියන් මහතා පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේ ගමන්කරන අවස්ථාවේදී නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇති අතර එහිදී කැපුම් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා කිලිනොච්චිය මහා රෝහලට ඇතුලත් කොට ඇත.

අදාල පහර දීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් මත සිදු කල පහරදීමක් බවට සැක පල කරන බවටත් අදාල පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

48 views

One Comment to “මන්ත්‍රීවරයෙකුට තියුනු ආයුධවලින් පහරදීමක්.. කැපුම් තුවාල සහිතව රෝහලේ..”

  1. kamal says:

    කළමනාකරණය කියන්නෙ ගෝටාගේ විසයක් වුනාට මගේ විසයක් නෙවෙයි දහසය වෙනි ප්‍රශ්නය
    සුද්දන්ට කළමණාකරනය කියා විසයක් අවශ්‍යයි මොකද දැනුමෙ හිඩසක් තියෙනවා ධර්මය විනය දන්නෙ නැති නිසා. ගෝටාට මම අභියෝග කරනවා නෙවෙයි හොද වෙන්න ඒ ප්‍රශ්නයේදි අනුකාරක ගෝටාට වඩා මහින්ද හා ඉගෙනගත්ත නැති නාමල් ඉදිරියෙන් ඉන්නවා. කළමණාකරනය කියන්නෙ ව්‍යාජ මනුස්‍යත්වයක් කුහක මනුස්‍යත්වයක් උඩින් එකක් යටින් තව එකක්. කළමනාකරන පාඨමාලා නැති කරන්න නමුත් management tools ඔන‍ෙ. උඹලා දන්නෙ නැ කළමණාකරණය කියන්නෙ මොකද කළමණාකරණ උපයෝගිතාවය කියන්නෙ මොකද කියා. මේ ප්‍රශ්නයේදි ගෝටාට වඩා සජිත් හොදයි හැබයි සජිත්ගෙ උපයෝගිතාවය ගෝටාට වඩා අඩුයි. ජාතක කතා ඉගෙනගන්නවා නම් ලොකු කළමණාකරණ හැකියාවක් එනවා මිට කිරිබත්ගොඩ රහත් හිමි.

Main News