මන්ත්‍රීවරුන්ට ගේන්න හදන PRADO එකක් ලක්ෂ 450 යි… V8 එකක් ලක්ෂ 600යි..- වාහන සංගම් සභාපති හෙලි කරයි..

June 14, 2021 at 3:50 pm | lanka C news
මන්ත්‍රීවරුන්ට ගේන්න හදන PRADO එකක් ලක්ෂ 450 යි… V8 එකක් ලක්ෂ 600යි..- වාහන සංගම් සභාපති හෙලි කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වෙනුවෙන් ඇනවුම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථයක මිල මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 450 ක් පමණ වන බවත්, අති සුඛෝපභෝගී V8 රථයක මිල රුපියල් ලක්ෂ 600 ක් පමණත් වන බවත් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරයි.

රටේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතු බවත් මෙරට දේශපාලනඥයින්ට සහ නිළධාරීන්ට ජනතාවගේ දුක නොදැනෙන බවත් ඔහු පවසයි.

මෙම වාහන තොගය වෙනුවෙන් විවෘත කර තිබෙන ණයවර ලිපි අවලංගු කිරීමට අපහසු යැයි ඇතැම් දේශපාලනඥයින් කිව්වද එම ණයවර ලිපි ඉතාමත් පහසුවෙන් අවලංගු කළ හැකියැයි ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

51,548 views

26 Comments to “මන්ත්‍රීවරුන්ට ගේන්න හදන PRADO එකක් ලක්ෂ 450 යි… V8 එකක් ලක්ෂ 600යි..- වාහන සංගම් සභාපති හෙලි කරයි..”

  1. බන්ඩා says:

    EV ගෙන්විය යුතු කාලෙ තෙල් වාහන ගෙන්වන මෝඩයෝ.

    • බැරි කයියට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      EV ගෙනල්ල ඒවා චාර්ජ් කරන්න කරන්ට් එක හදන්නේ අහවල් එකට ප්ලග් එක ගහලද ? එත් යන්නේ ඩිසල් පුච්චලා හදන කරන්ට් එකම තමා. අනිත් එක අපි ඩිසල් විදුලිය සාමන්‍ය පාරිභෝගියා ට දෙන්නේ නිපදනවන වියදමට වඩා ගොඩක් අඩුවෙන්. එහෙම උනොත් අය වැය පරතරය නහුතෙට යනවා දෙකක් නැහැ. මේක ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න EV ගේන්න දගලන හෙන්චයෙක්ගේ වැඩක්. ආණ්ඩුව ගෙදර ගියාම අර කලින් ගෙනාපු leaf වලට වෙච්ච දේම තමා.

      • sam says:

        Munta payana kalayata current eka diganna ba. ekenuth komis gahanawa pitin ships genalla current eka dila. Anyway, believe we should start moving to EV vehicles.

  2. KD says:

    Not Landcruiser or Prado or BMW or Benz – take a three wheeler tuk tuk. Or a Micro. How about supporting Sri Lankan manufacturing?

    • හෙළයා says:

      ලක්ෂ 450 ක් පමණ වන බවත්, අති සුඛෝපභෝගී V8 රථයක මිල රුපියල් ලක්ෂ 600 ක්ලු රටේ ආර්ථිකය විනාශ නොවීම පුදුමයක්ද ? ඉන්ධන වැඩි කරන්නේ මේ ලක්ෂ 600 ජනතා බදු මුදලින් ලබා ගැනීමටද ? යහපාලනයේ සහ පොහොට්ටුවේ වෙනස කුමක්ද ? මේ නරුම දේශපාලුවෝ අපේ රට විකුණමින් ඔවුන්ගේ සැප පහසු කම් සදහා මුළු රටම ණය කාරයෝ කරනවා ..දැන් අවශ්‍ය අති සුඛෝපභෝගී රථද ? ලැජ්ජයි ..ජනතාව රවටන දේශපාලුවන්ට සාප වේවා

  3. මේ ගණන් හිලව් සම්පූර්ණ අසත්‍යක්. මෙම ප්‍රාඩෝ රථයක මිල වන්නේ ඇමරිකානු ඩොලර් 66000 ක් සහ V8 රථයක මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් 96000 ක් පමණි. මේ මෙම රථයක් සියලුම බදුද සමග ඇමෙරිකානු සහ ලෝකයේ අනිකුත් වෙළදපොල වල ව්කුනුම් මිලය. ලංකාවේදී මෙම රථවලට 300% ක් බද්ධක් අයකරයි. එය මගින් රටේ මුදල් පිටතට යාමක් සිදුනොවේ. කරුණාකර බොරු ප්‍රවුර්ති මවා මිනිසුන් කලබල කිරීමෙන් වලකින්න. මෙම රථයක් නිෂ්පාදනය කරන ටොයෝටා කොම්පැනියෙන් මිලදී ගැනීමේදී ගෙවිය යුත්තේ ප්‍රාඩෝ රථයක් සදහා ඩොලර් 52000 ක් පමණත් V8 රථයක් සදහා ඩොලර් 82000 ක් පමනත්ය. මෙම මුදල රටින් පිටට යනු ඇත. තවද මෙම එක රථයකට ඩොලර් 1100 ක් ප්‍රවාහන ගාස්තුවක් ගෙවිය යුතුය.
    මෙම පුවත් මවන්නන් සහ කුණුකොල්ලයට වාහන විකුණන සංගම් වල නියෝජිතයන් මේ අවස්ථාවේ ඔවුන් සතු පඩංගු වාහන විකුණා ගැනීම සදහා කෘතීම මිලක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටී. මෙම ගණන් ඔබ සියල්ලටම ටොයෝටා කොම්පැනියේ වෙබ් අඩවියට ගොස් දැක ගත හැක.

    • Pandasena nakaya says:

      Pakayo. Tho salli walata kade giyaata kamak naha apiwa andawanna epaa…. Eka dollar ekak giyath paduwa ape rate badu gewana minissunta…. Unta bade bath atayak nathuwa inna kaale…! Anika pako mewaa gennane tax free. Ekenuth paaduyi ..! Wal pahara deshapaluwanta kade yanna epaa bola …! Kalakanniyaa

      • JVP-Anura says:

        ආණ්ඩුවට විරුද්ධව ලියන්ට ඕනනම් ඇතිතරම් ලියපන්. ඒක උඹේ කැමැත්ත. හැබැයි ඌ කියලා තියෙන දේ හරියටම හරි. ගිහින් බලපන් ටොයෝටා වෙබ් එකට. සමහර විට උඹට ඉංග්‍රීසි තේරෙන්නේ නැතිව ඇති. එහෙම උනොත් ඉතින් උඹත් නිකම්ම නිකම් මෝඩ පකයෙක් තමයි. අනෙක උඹ මේ tax ගැන කියලා තියෙන ඒවා නිකන් ගොනෙක්වත් කියන දේවල් නොවේ. කොහොම උනත් උඹ ඉතා දුබල පක්ෂයක ප්‍රභල සාමාජිකයෙක් කියලනම් පැහැදිලියි. අනික මචෝ උඹ වැඩිය ඩේටා පාවිච්චිකරන්ට එපා ඒවත් ඩොලර් තමයි. උඹ පාවිච්චි කරන හැම ඩේටා එකකටම පිටරටට ඩොලර් වලින් ගෙවන්ට වෙනවා. ඒවත් අපේ සල්ලි තමයි.

  4. Silva says:

    කොයි ආන්ඩුවත් , බලයේ ඉන්නකොට සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ගෙනාවා . අදත් වෙනවා , හෙටත් වෙනවා , අනාගතයෙත් වෙනවා . ලොකුවට බෙරිහන් දෙන්න ඕනේ නැහැ

Main News