මන්ත්‍රීවරුන් දෙදෙනෙකු උපවාසයක් අරඹයි..

August 12, 2021 at 2:20 am | lanka C news
මන්ත්‍රීවරුන් දෙදෙනෙකු උපවාසයක් අරඹයි..

දේශපාලන පලිගැනීම් නිසා රාජකාරි කල නොහැකි බව පවසමින් යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන්ට එරෙහිව නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් 10 දින සිට උපවාසයක් ආරම්භ කොට ඇත.

යාපනය මහනගරසභාව ඉදිරිපිටදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වූ රජිව්කාන්ත් සහ කිරුබාකරන් යන අය විසින් මෙලෙස උපවාසයක නිරත විය.

උපවාසයේ නිරත වූ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනො වැඩිදුරටත් පවසා සිටියේ,

‘යාපනය මහනගරාධිපතිවරයා විසින් මේ වන විට බරපතල ලෙසින් දේශපාලන පලිගැනීම් සිදුකරන බවටත් තමන්ගේ වසම්හි අයවැයෙන් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘතිද මේ වන විට නවතා දැමීමට මහනගරාධිපතිවරයා විසින් කටයුතු කිරීම හේතුවෙන් තමන් දැඩි සේ පීඩාවන්ට පත්ව සිටින අතරම මේ පිළිබඳව පලාත්පාලන කොමසාරිස් වරයා ඇතුලු නිලධාරීන්ටද දැනුම් දුන්නද මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් තමන්ට සාධාරණයක් ඉටුවන තුරු මෙලෙස උපවාසයක් ආරම්බ කල බවටත්ය.

යාපනය විශ්වලිංගම් මණවන්නන් මහතාද දෙමළ ජාතික ජනතා පෙරමුනෙන් තරඟ කොට මහනගරාධිපති වූ අයෙකු වීම විශේෂ වන අතර පසුගිය කාලයේදී අවස්ථා කිහිපයකදී දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සහ මහනගරාධිපති අතර වූ මතගැටුම් ඇතිවීම මෙලෙස දේශපාලිනක පලගැනීම්වලට හේතුවක් බවටද උපවාසයේ නිරත මන්ත්‍රීවරුන් සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28,827 views

One Comment to “මන්ත්‍රීවරුන් දෙදෙනෙකු උපවාසයක් අරඹයි..”

  1. John the baptice says:

    මුන් හොරෙන් තොසේ කනවලු.

Main News