‘මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ.. අපි පවු.. දේශපාලනය කරන්නේ ජනතාව ගැන හිතලා..’

November 7, 2016 at 3:00 pm | lanka C news
‘මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ.. අපි පවු.. දේශපාලනය කරන්නේ ජනතාව ගැන හිතලා..’

ශ්‍රී ලංකාව, ලෝකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩුවෙන්ම දීමනා ලබා දෙන රටවලින් එකක් බව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද පවසති.

ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීමත් ඔවුන් ඒවා විකිණීමත් පිළිබඳව මේ සතියේ පැවති මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න, මාලදිවයිනේ මන්ත්‍රීවරුන් පවා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට වඩා දීමනා හිමිවන බව පැවසීය.

. “මාත් එක්ක ඔබතුමා ඇවිල්ලා දවස් තුනක් ඇවිද්දොත් ඔබතුමා කියයි මේ දෙන එක මදියි කියලා” මන්ත්‍රීවරුනට වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද ලබාදීම ලෝකයේ සෑම රටකම සිදුවන්නක් බවත් ඔහු පැවසීය.

එතරම් දුෂ්කර නම් දේශපාලනයට සම්බන්ධ වූයේ මන්දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, මහජන සේවය සඳහා පවතින උනන්දුව හේතුවෙන් දේශපාලනයට එක් වූ බවයි.

වෙනත් මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද අමාත්‍ය රාජිත සේනාරත්න ගේ අදහස අනුමත කළේය.

වැට් බද්ද වැඩිකිරීමෙන් මේ වසරේ ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් තීරු බදු රහිත වාහන බලපත්‍ර හේතුවෙන් රටට අහිමිවන බැවින් ජනතාව වෙනුවෙන් එය ප්‍රතික්ෂේප කර ආදර්ශයක් දෙන්න තිබුනා නොවේදැයි විමසූ විට මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ: “මේ රටේ ඉන්න මන්ත්‍රීවරු තමන්ගේ ඉඩ කඩම් විකුණලා, යාන වාහන විකුණලා එන්නේ. ලෝකේ කොහේවත් ලංකාවේ වගේ අඩු දීමනා දෙන්නේ නැහැ මන්ත්‍රීවරුන්ට,” යන්නයි.

“ඉතින් ඒ මන්ත්‍රීවරු කරන්නේ මේ ලැබෙන වාහනේ විකුණගෙන තමයි ජන්දේ ණය තුරුස් ටික ඉඳන් පියවලා යන්තම් හුස්මක් ගන්නේ,” බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

– BBC

16 views

12 Comments to “‘මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ.. අපි පවු.. දේශපාලනය කරන්නේ ජනතාව ගැන හිතලා..’”

  1. Sam says:

    Havent you idiots come to serve the people so why do you need all these comforts. No one forced you idiots to come into politics if you can do a service without all these payments ad comforts give up politics and stay at home that is much better for the country rather than be ruled by a set of selfish idiots with no intelligence

  2. Asoka says:

    ඉතින් බන් ඔය පඩිය මදිනම් මන්ත්රීකමෙන් අස්වෙලා සුදුසුකම් අනුව වෙන රස්සාවක් ගොයාගනිල්ලකෝ අපිට පව් නොදී. 8වත් පාස් නැති අමෙතිවරු ඉන්න රටේ මුන් කවදාකවත් වෙන රස්සාවක්වත් කරලා තියෙනවද? ලෝකේ තුප්පහිම නුගත් පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉන්නේ ලංකාවේ. මුන් එන්න ඉස්සෙලා නම් කියන්නේ ජනතාවට සේවයක් කරන්න එනවා කියලා. පස්සේ තමයි ජනතාව හුරගෙන කන්නේ

Main News