‘මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ.. අපි පවු.. දේශපාලනය කරන්නේ ජනතාව ගැන හිතලා..’

November 7, 2016 at 3:00 pm | lanka C news
‘මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ.. අපි පවු.. දේශපාලනය කරන්නේ ජනතාව ගැන හිතලා..’

ශ්‍රී ලංකාව, ලෝකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩුවෙන්ම දීමනා ලබා දෙන රටවලින් එකක් බව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද පවසති.

ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීමත් ඔවුන් ඒවා විකිණීමත් පිළිබඳව මේ සතියේ පැවති මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න, මාලදිවයිනේ මන්ත්‍රීවරුන් පවා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට වඩා දීමනා හිමිවන බව පැවසීය.

. “මාත් එක්ක ඔබතුමා ඇවිල්ලා දවස් තුනක් ඇවිද්දොත් ඔබතුමා කියයි මේ දෙන එක මදියි කියලා” මන්ත්‍රීවරුනට වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද ලබාදීම ලෝකයේ සෑම රටකම සිදුවන්නක් බවත් ඔහු පැවසීය.

එතරම් දුෂ්කර නම් දේශපාලනයට සම්බන්ධ වූයේ මන්දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, මහජන සේවය සඳහා පවතින උනන්දුව හේතුවෙන් දේශපාලනයට එක් වූ බවයි.

වෙනත් මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද අමාත්‍ය රාජිත සේනාරත්න ගේ අදහස අනුමත කළේය.

වැට් බද්ද වැඩිකිරීමෙන් මේ වසරේ ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් තීරු බදු රහිත වාහන බලපත්‍ර හේතුවෙන් රටට අහිමිවන බැවින් ජනතාව වෙනුවෙන් එය ප්‍රතික්ෂේප කර ආදර්ශයක් දෙන්න තිබුනා නොවේදැයි විමසූ විට මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ: “මේ රටේ ඉන්න මන්ත්‍රීවරු තමන්ගේ ඉඩ කඩම් විකුණලා, යාන වාහන විකුණලා එන්නේ. ලෝකේ කොහේවත් ලංකාවේ වගේ අඩු දීමනා දෙන්නේ නැහැ මන්ත්‍රීවරුන්ට,” යන්නයි.

“ඉතින් ඒ මන්ත්‍රීවරු කරන්නේ මේ ලැබෙන වාහනේ විකුණගෙන තමයි ජන්දේ ණය තුරුස් ටික ඉඳන් පියවලා යන්තම් හුස්මක් ගන්නේ,” බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

– BBC

23 views

12 Comments to “‘මන්ත්‍රී දීමනා අඩුම ලංකාවේ.. අපි පවු.. දේශපාලනය කරන්නේ ජනතාව ගැන හිතලා..’”

  1. අපි ගැන හිතන්න ඕන නෑ අයින් වෙලා ඩෙන්ටල් එකක් දා ගනින් අවලමා.. 😀

  2. antibss says:

    අනේ ගොනෝ උඹ වගේ මෝඩ මුසලයෙක්

  3. Helaya says:

    Apita adarema eka. naw 8k aran tiyenne apiwa huran kala.
    pin sidda wei api wenuwen karapu sewaya hodatama athi.
    dan paw nodi datha galawagena idapan (dental eke)..

  4. Boo says:

    අනේ පවු, මාල දිවයිනේ වගේ සැප කාර් වලින් නෙමෙයි, බස් වල ෆුට් බෝඩ් එකේ එල්ලිලා තමයි මේ හොරා පාර්ලිමේන්තු යන්නෙත්.

  5. gona says:

    මේ වගේ බුරුවන්ගේ මෝඩ කතා. ඇමරිකාවේ අඩුම ගෙවීම පයකට ලංකවේ මුදලින් රුපියල් 1048. එක මේ රටේ කුලී කාරයට ලැබෙනවද? යකෝ මොන ගෙවීමක් හරි වෙන්නේ රටේ හැටියට, මේ ක දුප්පත් රටක්. මේ තොපි තොපේ පඩි ගැන කියනවා. තොපි වගේ මෝඩ, කපටි රැලක්. අපි නොදන්නා තොපේ හොරා කෑම .

  6. upul says:

    අයින් වෙයන්කෝ දේශපලුවෙන්, අපිට මේ වගේ බුරුවො එපා. මුන් ටිකත් ගු ගොඩට ඇදෙන නිල මැස්සෝ වගේ දේශපාලනයට ඇදෙන්නේ අපිට ආදරේට නෙවි, පරම්පරා 7 කට හොරා කන්න

  7. Susiripala says:

    The Senarathana of Rajith is worst corrupted politician of Sri lanka.

    He can now join LTTE by the backing from Tamil diaspora.

    He is founding father of Red Hurt PARA.

    He is Killier my knowledge he order to killed of that 150 youth of Sri lanakn during 1988/89/90 tees.

  8. Upul says:

    This guy should be the worst politician in Sri Lanka. How can you compare apples to oranges? Rich countries pay their people higher wages than the poor countries. Therefore there is no validity of his utter stupid statement. Need to elect better people to run the country than these types of selfish, ignorant bastards.

  9. sam says:

    people of Sri Lanka remember not to give a single vote for this stupid idiotic thief teach hima lesson he will never forget shun him and hoot at him wherever he goes don’t attend any one of his rallies or meeting where he is present . If you live the country do it

  10. singha01 says:

    මේ පාහරයො රට වෙනුවෙන් කරල තියෙන්නෙ මොකද්ද තව දීමනා ගන්න, රට කාබාසිනිය කරපු එක හැරෙන්න? ලැජ්ජ නැති අවලම් සත්තු.

Main News