මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න..- හර්ෂ රජයෙන් ඉල්ලයි…

June 15, 2021 at 8:02 am | lanka C news
මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න..- හර්ෂ රජයෙන් ඉල්ලයි…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න. එයයි, මේ මොහොතේ අවශ්‍යතාවය.

ජීවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වූ ආණ්ඩුව රට මහා ආර්ථික හා සමාජ අර්බුදයක් කරා තල්ලු කරමින් සිටී. මරණ බියෙන් තැතිගත් ජනතාව ජීවත්වන්නට බලාපොරොත්තුවක් අයදමින් සිටින අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම නොවේ.

ඒ සියලු මුදල් කොව්ඩ් වසංගතය පරාජය කිරීමට සහ ජනතා සහන වෙනුවෙන් යෙදවීමයි. මේ නිසා, ජනතාවාදී විපක්ෂය ලෙස මා මීට දින තුනකට පෙර පැවසූ පරිදිම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මහජන මුදල් වලින් වාහන ආනයනය කිරීමේ ආණ්ඩුවේ යෝජනාව වහාම නතර කරන ලෙසයි. එම මුදල්ද ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසත් රට සහ ජනතාව කෙරෙහි මෙයට වඩා සැබෑ ආදරයකින් කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතුයි.

– හර්ෂ ද සිල්වා, පා.ම.

14,067 views

22 Comments to “මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න..- හර්ෂ රජයෙන් ඉල්ලයි…”

  1. kkuruwita says:

    මේ ඔක්කෝටම මොකක් හරි රථ ගායක්. විදේශ විනිමය ඉතුරු කර ගන්න නම් පලාත් සබා වලට දී තිබූ වෑන් රජයට ගෙන ඒවා ගිලන් රථ බවට පත්කර ගමු. යෝජනාව හොඳයි. ඒත් අලුත් වාහන පිටරටින් ගෙනෙන එක මේ වෙලාවේ ජනතා විරෝධී ක්‍රියාවක්.

  2. ටෙලිෆෝන් කබ්බට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    අනේ නිකන් පලයන් ගොන් ආචාරියෝ අවුරුදු 5ටම තොපි කරේ වාහන ගෙන්නපු එක විතරයි දැන් එනවා සුදොනො වෙන්න.

    • SKF says:

      යහපාලනේ කාලෙ වාහන ගෙන්නද්දි විපක්ෂෙ හිටපු මුතු හූනො ටික අත් දෙකම උස්සල වාහනත් අරන් දැන් ආණ්ඩුව හම්බුනාට පස්සෙ තවත් වාහන ගෙන්නනව උන්ගෙ පුකවල් වලට සැප දෙන්න. ලක්ෂ 69 බයියන්ට කන්න මහ උන්ගෙ ගූ පරිස්සමට ගෙනියන්න එපැයි.

      • ටෙලිෆෝන් කබ්බට මොලයක් ජාතික ව්‍යාපාරය says:

        ටෙලිෆෝන් කබ්බට මොලයක් ජාතික ව්‍යාපාරයට බැදියන්.

  3. මෙයා කියනකම් තමා හිටියේ. වාහන කොහොමත් ගෙන්වන්නේ නැත කාඩ්බෝඩ් සැන්ඩෝ නොවී හිටපන් උඹ දැන් පඩෂෝ දමන්නේ අපගේ වීරෝදයනිසා වාහන ගෙන්වීම නැවතුනා කියන්නනේ ඈ බොල ඔය වාහන ලිස්ට් එකේ තොපේ එවුන් කීයක් හිටියාද කියලා කියපන්කෝ ඉස්සෙල්ලා???????

  4. Rosh .S says:

    මුගෙ වැඩේ ලද අවසරයකින් (ල )කුණු රැස්කිරීමට උත්සහ කරන එක… මිනිස්සු මේ සබ්ජෙක්ට් එක ගැන දැන් සෑහෙන කාලෙක ඉන්දන් කතා කරන්නෙ.. අපි හැමෝම කිව්වෙත් ඔය වාහන ගෙන්වන එක නවත්වලා ඒ මුදල් වලින් මහජනතාවට යහපතක් වෙන දෙයක් කරන්න කියලා… මේ මූසල ගෝතයා ඊයෙ පෙරේදා නැගිටලා ඇම්බ්‍යූලන්ස් ගෙන්වන්න ලු…. මේ කාලකණ්නියම තමයි නිදහස් චතුරස්‍රෙ හිටපු අසරන සික්‍යුරිටි මල්ලි කෙනෙක්ට හෙන පඩ ශෝ එකක් දැම්මෙ… කාලකණ්නිම බල්ලෙක් !!!

  5. Aurora says:

    මුන්ට තේරෙන්නෙ නැත්ද නැත්නම් එන්නත් ගේනකොට ලැබන කොමිස් ආන්ඩුවෙයි විපක්ෂෙයි ඉන්න උන් හැමෝටම ලැබෙනවද මුන් එකෙක්වත් එන්නත්, ගිලන් රථ, ඇදන් ඔය නොයෙක් අටමගුල් ගැනම කතාකරන්නෙ, කොරෝනාවට ප්‍රතිකාර තියන හෙලවෙදකම මුන්ට තහනම් වචනෙ. කාලකන්ණි හොරු රැල. මකබෑවිලා පල්‍යල්ලකො රටට පව් නොදී.

    • saman says:

      හෙල වෙදකමෙ තියනව ලබ්බක් මරි මොඩයා… කලින් පැනියක් ගෙනැල්ල දැක්කනෙ…
      උබ වගෙ බත් කන හරක් ඉන්නවනෙ ඇත්තට ….

    • ක්‍රිමිනල් says:

      ටිපිකල් අමූ ගොං බෛයෙක් , මේ වගේ ගොබ්බයො හැමදාම හිතන් ඉන්නේ “හෙළ” වෙදකමෙන් ඔනෙම ලෙඩක් ,රෝගයක් හොදකරන්න පුලුවන් කියලා. අනේ තොට හාර්ට් ඇටැක් එකක් හැදියං කෙලවෙලා යන්නම , එතකොට තොට තෙරෙයි ,තො යන්නේ ආයුර්වේදයටද , නැත්තං ලගම තියෙන ඉස්පිරිතාලෙටද කියලා. මොට්ටයො , ඔලුවක් තියෙන්නේ බෙල්ලේ පාළුවට නෙමෙයි ,හිතන්න.බොයොනේ බන්..😂😂😂

  6. අනේ ගිලන් රථ මොටෝ....තොපි ඔක්කොම දාලා එකට ආදාහනය කොරන්න ආදෑහනාගාරයක්භහදාගනිල්ලා says:

    තොපි ඔකිකොම එකට දාල ආදෑහනය කරන්න ආදාහනාගාරයක් හදා ගනිල්ලා….පාන්ශුකූලය නොමිලයේ දෙන්නමි.