මන්ත‍්‍රිකම ඥාණසාර හිමිට දිය යුතුයි.. මුලින් රතන හිමි එසේ පොරොන්දු වූවා..- සෝපිත හිමි

August 19, 2020 at 3:50 pm | lanka C news
මන්ත‍්‍රිකම ඥාණසාර හිමිට දිය යුතුයි.. මුලින් රතන හිමි එසේ පොරොන්දු වූවා..- සෝපිත හිමි

මැතිවරණයට පෙර අතුරලියේ රතන හිමියන් විසින් පැවසූ පරිදි අපේ ජන බල පක්ෂය ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට කටයුතු කල යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

පාර්ලිමේන්තු යැවීමට සුදුසු ඥාණසාර හිමියන් බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය උන් වහන්සේ ලබා දෙන බවත් රතන හිමියන් මැතිවරණය පෙර පැහැදිලිව පැවසූ බවත් සෝභිත හිමියන් පැවසූය.

ඒ ප‍්‍රකාශය අනුව දැන් කටයුතු කිරීම උන් වහන්සේගේ වගකීමක් බවත් සෝභිත හිමියෝ කියා සිටියහ.

ඇඹිලිපිටිය දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

මන්ත‍්‍රී ධුරයක් වෙනුවෙන් මේ ආකාරයෙන් මතබේද ඇති කර ගැනීම ඡුන්දය දුන් අයටත් නොදුන් අයටත් කණස්සල්ලට කාරණාවක් මෙන්ම ශාසනයටද අපකීර්තියක් බවත් එහිමියෝ වැඩි දුරටත් කියා සිටියහ.

34,867 views

14 Comments to “මන්ත‍්‍රිකම ඥාණසාර හිමිට දිය යුතුයි.. මුලින් රතන හිමි එසේ පොරොන්දු වූවා..- සෝපිත හිමි”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    ” Buddha Before Buddhism ” කියලා ඉංග්‍රීසි පොතක් තියෙනවා…
    පුළුවන් අය හොයාගෙන බලන්න. PDF එක තියෙනව අන්තර්ජාලේ

    • අනේ පව් says:

      ගල් බමුණානනි, කඩ්ඩෙන් ලියූ ඕනෑම කක්කා බෙට්ටක් ශ්‍රේෂ්ඨ යැයි විශ්වාස කරන ඔබ ගැන ඇති වන්නේ අනුකම්පාවකි. ඕකාගේ ඔය පොත අන්ධයන් සෙට් එක අලියා අතගා අලියා කුල්ලක් වැනි සතෙකි, අලියා වංගෙඩියක් වැනි සතෙකි අලියා කෝට්ටක් වැනි දිග සතෙකි ය වැනි ගොන් කොමෙන්ට් දුන්නක් මෙන් ගොන් ආතල් එකකි.

  2. prasa says:

    සාසනය ඉස්සෙල්ලම කන්න පටන්ගත්තේ ඔබ වහන්සෙ ඇතුලු කණ්ඩායමක් තමයි.එවයේ ප්‍රතිඵල තමයි මේ.

  3. aruna kumaara dhisanayaka says:

    සති පට්ටාන සූත්‍රය මෙතෙක් මා ඇසූ හොඳම වචන උච්ඡාරණය කර සජ්ජායනා කිරීම ඔබ වහන්සේ විසින් කරන ලද්දකි.ඔය කා කොටා ගැණීම් වගේ හිස් දෙවල් වලට ආයිත් අත නොපොවා එහෙම දෙයක් කිරීම වටිනවා නේද?රතනලා කොහොමත් කුණු කඳු

  4. Saradiel says:

    If Rathana is so keen on politics why the hell he doesn’t give up monkhood. This is a farce that he maintains.

  5. Kalana says:

    රතන හිමි පට්ට චාටෙර් කෙනෙක්. මන් නම් නිකමටවත් හිතුවේ නැහැ එහෙම කෙනෙක් කියල. අන්තිම කැතයි.

  6. sinhale le says:

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීම අප සියලුදෙනාගේ පැතුමයි එය එසේමවේවා බුදු සරණයි.

  7. Mahinda says:

    I am a Buddhist it’s a shame to see the greed these Monks have.refrain from politics and practice what you preach.

  8. කොන්ඩෙ බූ ගාල, කහ සිවුර දා ගත්තෙ සාසනේට සේවයක් කරන්න්න …ආසනයක් අරගෙන දේශපාලනය කරන්න නෙමේ…..එහෙම කරන්න ගියාම ඔහොම වෙනව…… සාමාන්‍ය මිනිස්සු හිතන්නෙ පාර්ලිමේන්තු යනඑක මහ ලොකු වැඩක් කියල……බැලුවම මෙයාලත් හිතන්නෙ එහෙමනෙ…..

  9. සිංහල බෞද්ධයා says:

    දැන් බුද්ධ සාසනේ ඉන්න කිසි කෙනෙක් නිවන් ගිහින් නැහැ මන්ත්‍රී පට්ටම වගේද කෝටි ගානක පගාවක් හම්බ වෙන කොට වාහන පර්මිට් එකට.

    • ජනහිත says:

      වාහන පර්මිට් කථාව මෙතෙන්ට අදාලම නෑ. හේතුව, ජනාධිපතිතුමා පැහැදිලිවම කියල තියෙනවා තව
      අවුරුදු පහකට වාහන පර්මිට් දෙන්නෙ නැහැයි කියල.

Main News