මන්ත්රිවරයෙක් ඉල්ලා අස්වෙයි..? ජනපති මෛත්රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..?
October 22, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද මන්ත්රීවරයෙක් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ඉහල පෙලේ දේශපාලන කවවල සාකච්චා වෙමින් ඇත.
එසේ ඉල්ලා අස්වන මන්ත්රීවරයාට ආණ්ඩුකාර ධුරයක් හෝ එවන් ඉහල තනතුරක් ලබා දීමටද සාකච්චා වී ඇතැයිද සදහන්ය.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට තම ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යවන ලිපියකින් සිදුකළ හැකිය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය එළැඹෙන 16 වැනිදායින් අවසන් කරයි.
මොකක්ද මේ ලැජ්ජා නැතිවැඩේ. මන්ත්රී ඇමති අවසන ජනාධීපති වෙලා අවු ගානක් පාර්ලිමේන්තුවේ ඉදලා තව මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේක හරියට හමුදාපති වෙලා ඉදලා පැන්ෂන් ගියාම ආයේ සෙබලෙක් වෙලා එන්න හදනවා වගේ වැඩක්. වෙන මොනවත් නෙවෙයි ලැජ්ජා නැතිකම. තමන්ගේ තත්වෙ තියාගෙන ඉන්න දන්නේ නැතිකම. මේක හිටපු ජනාධිපතිලා ඔක්කොටම අදාලයි. මේ පාර්ලිමේන්තුව කන මිනිසුන්ට දෙන්න ඕන කාලයක් අවු 22න් පස්සේ ගෙදර. මොනම තනතුරක්වත් දරන්න බැහැ. අඩුගානෙ ගෙදර මහඑකා වෙන්නවත් දෙන්න හොදනැහැ.
දහය වැනිදාට තනතුර ගැලවෙනවා
කල් යල් බලා අමුඩය යලි තද වෙනවා
දදැඩි තහ්හාව යන පාරෙන් පෙන්නනවා
මහජන මුදල් කන්නට හිත පොර කනවා
ජනපති කමත් එක සැරයෙන් කෙල වෙනවා
මන්ත්රී වුනොත් තව පුළුවන් කටු කනවා
මතුවේ බලෙන් රට ජාතිය වනසනවා
පහරන්නට එපා කෑ බතෙ කියවෙනවා.
මෙයා එක්වෙච්ච පැත්තේ ඡන්ද කැඩෙනවා , මොනවද ඔට්ටු?