මන්ත‍්‍රීධුරය, ඇමති ධුරය අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව බන්දුල කියයි..

October 2, 2021 at 2:10 pm | lanka C news
මන්ත‍්‍රීධුරය, ඇමති ධුරය අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව බන්දුල කියයි..

තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානි සිදු කළේ යැයි පවසමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තුෂාන් ගුණවර්ධන මහතාට ලිපියක් යවා තිබේ.

අමාත්‍යවරයා එමගින් සඳහන් කර ඇත්තේ සුදු ලූනු ආනයනය හා බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි ඔහු විසින් පැවසීම හේතුවෙන් තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානියක් සිදු වී ඇති බවයි.

එම මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් එය අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ සඳහන් වෙයි.

මේ අතර බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අදාළ වංචාවට තම නම ද ඈඳා ගමන ගනිමින් දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සාධාරණයක් ඉටු නොවූවොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ද ඒ මහතා කියා සිටියේය.

අදාළ වංචාවට තමන් හෝ තම පවුලේ කිසිවකු සම්බන්ධව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තුවෙන් ද අමාත්‍ය ධුරයෙන් ද ඉවත් වනවා පමණක් නොව සදහටම ලාංකීය දේශපාලනයෙන් සමු ගන්නා බවද ඔහු සදහන් කලේය.

68,837 views

45 Comments to “මන්ත‍්‍රීධුරය, ඇමති ධුරය අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව බන්දුල කියයි..”

  1. Jeena Madam says:

    Booru gahanne nam nathuwa athi. E wunaata Me Mahaththayaa, Gon gahanawa ne!

  2. Padma says:

    ඔබතුමාලා දැන් කෑවා ඇති. සදහටම මේ ලෝකෙන් තුරන් උනොත් පින්

  3. Lasantha de Silva says:

    Bankok Bandula

Main News